පාසල් සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් කඩු පහරට ලක්වී පාසල් සිසුවකු මියයෑමේ පුවතක් එරාවුර් චෙංකලඩි ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙසේ කඩු පහරට ලක්ව මියගොස් ඇත්තේ චෙංකලඩි පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 15 හැවිරිදි රමනන් දිවියනාදන් නමැති සිසුවෙකි.
මෙම සිද්ධිය පසුගිය සෙනසුරාදා රාත්‍රී සිදුවී ඇති අතර පාසල් සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇත.
මෙම පාසලේ ඉගෙනුම ලබන අසල ගම්මානයක පදිංචි සිසුවකු සහ මියගිය සිසුවා අතර පාසලේදී ආරවුලක් ඇති වී ඇති අතර ඒ පිළිබඳව විමසීමට මියගිය සිසුවා තම ඥාතීන් දෙදෙනකු සමග සිද්ධියට මුල් වූ පාසල් සිසුවාගේ නිවසට ගොස් ඇත. එහිදී බහින්බස් වීමක් ඇති වී එය දුරදිග යෑමෙන් එම පිරිසට කඩුවලින් පහරදී තිබේ. මෙයින් බරපතළ තුවාල ලැබූ සිසුවා සිද්ධිය වූ ස්ථානයේම මියගොස් ඇති අතර ඔහු සමග ගිය ඥාතීන් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.
සිද්ධිය සැළ වූ වහාම එම ස්ථානයට ගිය එරාවුර් පොලිස් නිලධාරීන් ඝාතනයට යොදාගත් කඩුව පොලිස් භාරයට ගෙන ඇත. පහරදුන් පුද්ගලයන් පලා ගොස් ඇති අතර සිද්ධිය පිළිබඳව එරාවුර් පොලිසිය පරීක්ෂණ පවත්වයි.
