Gossip

කාර්යාලවල සහ වාහනවල බීමට ජලය පුරවා ඇති මත්පැන් බෝතල් ගැන රජය ගත් තීරණය මෙන්න

කාර්යාලවල, වාහනවල සහ නිවෙස්වල බීමට ජය පුරවා ගැනීමට මත්පැන් බෝතල් යොදා ගැනීම කාගේත් පුරුද්දක්.
මෙම සම්ප්‍රදාය වෙනස් කිරීමට දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය තීරණය කර තිබෙනවා.
අතේ ගෙන යා හැකි දැකුම්කළු හා හුරුබුහුටි මැටි බෝතලයක් හදුන්වාදීමට මෙම වැඩපිළිවෙලෙන් සිදුවන බවයි දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසන්නේ.
නැවුම් ජලය නිරන්තරයෙන් භාවිත කිරීමට මෙයින් හැකිවනු ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් පවසා තිබෙන්නේ.
ඒ අනුව මේ ගැන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!