ඩයලොග් ප්‍රශංසා දෙරණ 60+ නමින් ගායන රියැලිටි වැඩසටහනේ තුන්වන අදියරේ ජනප්‍රිය තරුවට හිමි සම්මානය හිමිවුණේ හේමසිරි හෙට්ටිආරච්චි මහතාටයි.
ඔහු මේ ඩයලොග් ප්‍රශංසා දෙරණ 60+ රියැලිටි වැඩසටහනට ආවේ කොහොමද කියන ප්‍රශ්නයට උත්තරේ වගේම තවත් ප්‍රශ්න කිහිපයකටම උත්තර දැනගන්න අපි හේමසිරි හෙට්ටිආරච්චි මහතාට කතා කළා.
ලබපු ජයග්‍රහණය ගැන මොකද හිතෙන්නේ?
බොහොම සතුටුයි..
ඔබේ රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මම ජනප්‍රියම තරුව වෙන්න ඉස්සෙල්ලත් පාරේ යද්දි හුගක් අය කිව්වා ඔබතුමා තමයි ජනප්‍රියම තරුව කියලා..
අපි ප්‍රැක්ටිස් කරන්න ගියේ දෙල්කදට.
එතනදිත් මිනිස්සු වටකරගෙන කිව්වා ඔබතුමා තමයි ජනප්‍රියම තරුව කියලා.
මම දවසක් පාරේ ඉද්දිත් ඔබතුමා නේද දෙරණේ සිංදු කියන්නේ කියලා..
දවසක් අපිත් එක්ක සිංදු කියන මිල්ටන් මලවිආරච්චිව දාන්න ස්ටේෂන් එකට ගියා.
එතකොට මම මාස්ක් එකකුත් දාගෙන හිටියේ. ඒත් මාව අදුරගත්තා.
මාත් එක්ක තරග කරපු අයත් මට කලින්ම කිව්වා ඔබතුමා තමයි ජනප්‍රියම තරුව කියලා.
ඩයලොග් ප්‍රශංසා දෙරණ 60+ ජයග්‍රහණයට කලින් ගායන ක්ෂේත්රයට එන්න උත්සාහ කළේ නැද්ද?මම ඉස්කෝලේ යන කාලේ ඉඳලා සංගීතයට කැමතියි…
78 ටෙලි නාට්‍ය උළෙලේ හොඳම සංගීත අධ්‍යක්ෂක වුණේ මම.
දිත්තල කාලගෝල, වෛරසය වගේ නාට්‍ය 14 ක මම සංගීත අධ්‍යක්ෂණය කළා.
රජරට සේවයේ ඉස්සෙල්ලම සර්පිනාව ගැහුවේ මම තමයි..
කාලයක් මම ගුරුවරයෙක් වශයෙන් හිටියා.
අනුරාධපුරේට කොටි ගැහුවා.. මම ඊට පස්සේ ආමි එකට ගියා..
අවුරුදු විස්සම ආමි එකේ හිටියේ..
ටෙස්ට් එකක් තිබ්බා.. මම ඒකෙන් පළවැනියා..
එතනින් මාව පාකිස්ථානෙට යැව්වා.. මම දිගටම හිටියේ සිංහ රෙජිමන්ට් එකේ.
මම විශ්‍රාම ගියේ කපිතාන් කෙනෙක් විදිහට.
සිංදුවක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?
කරන්න සිංදු තියෙනවා කිහිපයක්ම මගේ ළඟ.
ඔබේ පවුලේ විස්තර මොනාද?
මමයි, බිරිඳයි පුතාලා දෙන්නයි..
ලොකු පුතා ඉංජිනියර් කෙනෙක්.. පොඩි පුතා රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්නේ..
ඔබට ස්තූතියි කරන්න අය ඇති. මේ ඒකට අවස්ථාවක්.?
ආමි එකෙන් තමයි මට වැඩිපුරටම සහය ලැබුණේ..
දෙරණෙන් ලැබුණු සහයෝගය කියලා වැඩක් නෑ.. ඒ තරම් සුපර්..
හොඳ විනයක් තියෙනවා.. ඒ හැමදේටම දෙරණට ස්තූතියි කරනවා..
