Gossip

වැල්ලේ සාරංග ඇතුළු අංගොඩ ලොක්කාගේ ගෝලයන්ට අත්වුණු ඉරණම

කොළඹ පාතාලයේ ප‍්‍රධාන පෙළේ අපරාධකරුවකු බව කියන ‘වැල්ලේ සාරංග’ නමැත්තා ඇතුළු සිව්දෙනෙකුගෙන් සමන්විත පාතාල කණ්ඩායමක් හොර රහසේම ඩුබායි රාජ්‍යය බලා පලායෑමට කටුනායක ගුවන් තොටුපළේ රැුඳී සිටියදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (23) අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා..
පොලිසිය දිගින් දිගටම පාතාල මර්දන මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරීමත් සමඟ බියට පත්ව සිටින පාතාල අපරාධකරුවන් හොර රහසේ රටින් පලායෑමට උත්සාහ කරමින් සිටින බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පවසනවා.
මෙම පාතාල කණ්ඩායම මරණ බියෙන් රටින් පලා යෑමට සූදානම්ව කටුනායක ගුවන් තොටුපළේ රැුඳී සිටින බවට ලැබුණු තොරතුරක් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ අලූයම සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
ගමගේ සුරංග ප‍්‍රදීප් නොහොත් වැල්ලේ සුරංග නමැති පාතාල නායකයා මෝදර ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වන පාතාල කණ්ඩායමකට නායකත්වය ලබාදෙන බව විමර්ශනවලින් හෙළි වී ඇත. ඉන්දියාවේ සිට මෙරටට කේරළ ගංජා ප‍්‍රවාහනය කිරීමේ ජාවාරමේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන වැල්ලේ සාරංග නමැත්තාට එරෙහිව මිනී මැරුම්, කප්පම් ගැනීම්, කොල්ලකෑම්, ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇතැයි පොලිසිය පවසයි.
මෙහිදී අත්අඩංගුවට පත් වූ සෙසු පාතාල සාමාජිකයන් අතර ඉෂාර ලක්මාල්, බුද්ධික සංජීව, මොහොමඞ් ටූපර් යන අය සිටින බවත් ඔවුන් අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයාගේ කල්ලියේ ප‍්‍රධාන පෙළේ සාමාජිකයන් බවටත් පොලිසිය හඳුනාගෙන ඇත.
ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් මෙම පාතාල සාමාජිකයන් සතුව තිබී රුපියල් විසිනව ලක්‍ෂයක මුදලක් පොලිසිය සොයාගෙන ඇත. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පාතාල සාමාජිකයන් සිව්දෙනා කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන ගොස් තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!