ලෝකය වෙළාගත් කොරෝනා වෛරසයේ විකෘති වූ නව ප්‍රභේදයක් මැලේසියාවෙන් හමුවී ඇති බව වාර්තා වනවා.
මෙම වෛරසය කොරෝනා වෛරසයට 10 ගුණයකින් ප්‍රබල බවයි වෛද්‍යවරු පවසන්නේ.
මැලේසියා ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් මෙම නව කොවිඩ් 19 වෛරස ප්‍රභේදය සොයා ගැනීමට හැකිව තිබෙන්නේ කොරෝනා ආසාදිතයන්ගෙන් බව සඳහන්.
මෙම වෛරසය භයානක වී ඇත්තේ ඖෂධයකට මෙම වෛරසය අඩාල කළ නොහැකි නිසාත් පැතිර යාම වේගවත් නිසාත් බවයි පර්යේෂකයන් පවසන්නේ.
වෛරසය මිනිසුන් අතර පැතිර යන්නේ සැමවිටම විකෘතිකරණයට පත්වීමෙන් බවයි වෛද්‍යවරුන් පවසන්නේ.
මෙම නව වෛරසය ආසාදනය වූවන් කොරෝනා වෛරසය ආසාදනය වූවන්ට වඩා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් මැලේසියා සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රධානී නූර් හිෂාම් අබ්දුල්ලා මාධ්‍යයට පවසා තිබෙනවා.
