මෙසේ මිය ගොස් සිටින මගේ පුතා විවාහ වී ගතවී ඇත්තේ මාස එකොළහයි. නමුත් එකට ජීවත් වූයේ මාස හතයි. පසුව මොහුගේ බිරිඳ මොහු හැර දමා ඇගේ මවුපියන්ගේ නිවසට ගොස් පුතාට එරෙහිව දික්කසාද නඩුවක් දැම්මා. ඒ සම්බන්ධයෙන් ඉකුත් 31 දා උසාවි ගොස් ඇප පිට නිදහස්ව පුතා ගෙදර ඇවිත් සිත කළකිරී හිටියා. සිද්ධිය වූ දිනට පෙර රාත‍්‍රී කෑම කෑවෙත් නැහැ. උදෑසන බලන විට කාමරයේ ගෙල වැලලාගෙන හිටියා. මෙයට පෙර දිනු ඔහු සතුව තිබූ ගම්මිරිස් ටික විකුණා මට රුපියල් 73000 ක් දුන්නා. මම කිව්වා පුතා සල්ලි පොතේ දා ගන්න කියා. මට සල්ලිවලින් වැඩක් නැහැ කිව්වා.
බළන්ගොඩ බටුගම්මන ප‍්‍රදේශයේ ජීවත් වූ පාසල් ගුරුවරයකු ඒ. ඞී. ගයාන් ප‍්‍රදීප් ලක්මාල් (30) නමැති අයගේ මරණය සම්බන්ධ පරීක්‍ෂණයේදී සාක්ෂි දෙමින් ඉහත ප‍්‍රකාශය කරන ලද්දේ ඔහුගේ මව වූ ඞී. ඞී. ලීලාවතී නමැති අය විසිනි.
මෙහිදී සාක්ෂි දුන් මිය ගිය අයගේ බිරිඳ වූ සඳුනිකා දිල්හානි වික‍්‍රමසිංහ (23) නමැති අය මෙසේ පැවසුවාය.
අප දෙදෙනා විවාහ වුණේ පේ‍්‍රම සබඳතාවයකින් පසුවයි. නමුත් සැමියාගේ ගෙදර ඔහුගේ සොහොයුරියන් සමග විවිධ අර්බුද ඇති වුණා. මම වෙනම නිවසක ජීවත් වෙමු කියා යෝජනා කළා. නමුත් සැමියා ඊට කැමැති වූයේ නැහැ. ඔහුගේ පවුලේ අය සමග ආරවුල් නිම නොවූ හෙයින් අපේ අම්මලෑ ගෙදර ගොස් වෙන්වීමට නීතියේ පිහිට පැතුවා. ඊට පෙර මිතුරු පියසට ගොස් මේ ආරවුල විසඳා ගෙන යුග දිවිය ගෙන යෑමට උපදෙස් පැතුවා. ඔවුන් අපට කීවේද මහගෙදරින් වෙන්වී ගොස් දෙදෙනාට ජීවත් වන ලෙසයි. නමුත් සැමියා ප‍්‍රතිචාර දැක්වූයේ නැහැ.