පාතාල නායක අංගොඩ ලොක්කා ඉන්දියාවේ සිට මෙහෙයවූ හෙරොයින් ජාලයේ මෙරට මුදල් කළමනාකරු ලෙස කටයුතු කළ ජාවාරම්කරු තලංගම පොලිසිය මගින් බියගම ප්රදේශයේදී පෙරේදා (10 දා) අත්අඩංගුවට ගෙන තිබෙනවා..
මෙම ජාවාරම්කරුගේ බැංකු ගිණුමේ වසරක කාල සීමාවකදී රුපියල් කෝටි 18 ක මුදලක් සංසරණය වී ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසිය ප්රශ්න කිරීම් කරගෙන යද්දී පැය 24 කටත් අඩු කාල සීමාවකදී ඔහුගේ බැංකු ගිණුමට රුපියල් දසලක්ෂයකට අධික මුදලක් බැරවී ඇති බවද පොලිසිය පවසනවා.
හෙරොයින් අලෙවියෙන් ලැබෙන මුදල් සියල්ල මොහුගේ බැංකු ගිණුමට බැර වන අතර එම සැකකරු එසේ ලැබෙන මුදල් අංගොඩ ලොක්කාගේ හෙරොයින් ජාලයේ ප්රධානියකු වන වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින තවත් හෙරොයින් ජාවාරම්කරුවකුගේ ගිණුමකට බැර කර ඇති බවද විමර්ශනවලින් හෙළිවී තිබෙනවා.
තලංගම පොලිස් ස්ථානාධිපති නලින්ද දිල්රුක් මහතාට ලැබුණු තොරතුරක් මත හෙරොයින් සමග හෝකන්දර ප්රදේශයේ ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත මෙම ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
