යොවුන් නිළි රුවන්ගි රත්නායක පසුගිය දවස් කීපය තුළ අන්තර්ජාලයේ ෆේස්බුක් රසික රසිකාවියන් අතරේ කතාබහට ලක්ව තිබුනේ ඇය මෙයට ටික දිනකට පෙර උත්සවයකට අඳින ලද අමුතු ඇඳුමක් හේතුවෙනි. එම ඇඳුම විවේචනය කළ ෆේස්බුක් පරිශිලකයන් වෙත ඇය පිළිතුරු දී තිබුනේ මෙලෙසිනි.
“ඒ ඇඳුම් නිර්මාණය මම ඉංග්රීසි වෙබ්සයිට් එකකින් බලලයි තෝරගත්තේ. මගේ ඇදුම් මහන කෙනා තමයි මම කිව්ව විදියට ඒක මහලා දුන්නේ.
කරන්න දෙයක් නැති මිනිස්සු තමයි ඔහොම වැරදි හොයන්නේ. ෆේස්බුක් එකෙත් සමහරක් කමෙන්ට්වල කැත දේවල් දාලා තිබුණා. ඒ වුණාට මම ඒවා ගණන් ගත්තේ නෑ. මම ඇහුන්කන් දෙන්නේ මම පිළිගන්න මට ගරුත්වයක් දෙන ඇය කියන දේට විතරයි.
එහෙම නැතුව පහත් මානසිකත්වයක් තියෙන නූගත්. මෝඩ මිනිස්සු කියන කතා ගැන මම කරදර වෙන්නේ නැහැ. ඒ ගැන දැනුමක් තියෙන කෙනෙක් කිව්වා නම් හිතන්න තිබුණා.”
