අමුත්තන් සඳහා බන්ධනාගාර රැඳවියන්ව හමුවීමට පනවා තිබූ තහනම ලබන සෙනසුරාදා (15) සිට ඉවත් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.
බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.
නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අමුත්තන්ට රැඳවියන් බැලීම සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කර තිබෙවා..
එක් රැඳවියෙකු හමුවීම සඳහා අමුත්තෙකුට සතියකට එක් වරක් පමණක් අවස්ථාව හිමි වන අතර ඔවුන්ට කෑම ගෙනඒම තවදුරටත් තහනම් බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.
