Gossip

වැටුප් නොලැබුණැයි අමනාප වී පන්ලක්ෂ අනූතුන්දාහක් වටිනා සිනමා ශාලාවේ ශබ්ද විකාශන යන්ත‍්‍ර අනූදාහකට විකුණලා…

ගම්පොළ සිනමාහලක ශබ්ද පරිපාලකයා එම සිනමාහලේ තිබූ රුපියල් පන්ලක්ෂ අනූතු-න්දහසක් (රු. 593,000 ) වටිනා ශබ්ද වාහිනි යන්ත‍්‍ර සොරා ගැනීමේ චෝදනාවකට ගම්පොළ දිසා විනිසුරු ශි‍්‍රනිත් විජේසේකර මහතා විසින් 12 දා දක්වා රක්ෂිත
බන්ධනාගාරගත කරනු ලැබීය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත වූයේ ගම්පොළ ගඟසිරිපුර මාර්ගයේ පදිංචිකරුවෙකි.

කොරෝනා වසංගතය සමඟ සිනමාහල වසා තැබූ අතර එම කාලය තුළ මොහුට වැටුප් නොලැබුණැයි අමනාපව ඔහු භාරයේ තිබූ මෙම ශබ්ද උපකරණ සොරාගෙන ඇතැයි පොලිසිය පවසයි.

මෙම සැකකරු විසින් ගම්පොළ ලිපිනයක් යොදා වෙබ් මාධ්‍යයක දැන්වීමක් මගින් හෝම් තියටර් එකක් විකිණීමට ඇති බව පළ කොට ඇත. ඒ අනුව පැමිණි ගනුදෙනුකරුවකුට මෙම සිනමාහලේ තිබූ බෆල් 13 ක් හෝම් තියටර් සෙටප් එකක් හා ඈම්ප් එකක් ඇතුළු ශබ්ද උපකරණ සියල්ලම රුපියල් අනූ දහසකට (90,000) විකුණා ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

කොරෝනා පාලනය වීම සමඟ සිනමා ශාලා විවෘත කිරීමට අවසර ලැබුණු අතර ඒ අනුව මෙම සිනමා ශාලාව විවෘත කිරීමට එහි කළමනාකරු පැමිණි අවස්ථාවේ මෙම ශබ්ද උපකරණ නොමැති බව දැන ඒ පිළිබඳව ගම්පොළ පොලිසිය වෙත පැමිණිලි කොට තිබිණි.
සියලූ උපකරණ ගිනිගත්හේන ප‍්‍රදේශයේ නිවසක තිබී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!