Gossip

හුන්ඩායි සමාගමට අලෙවි නියෝජතයෙකු ලෙස සුනඛයෙකු පත්කරයි..

හුන්ඩායි සමාගම ලොව ජනප්‍රියතම වාහන නිෂ්පාදන ආයතනයක් වනවා.
මෙම සමගාම විසින් සුනඛයෙකු තම අලෙවි නියෝජතයෙකු ලෙස සේවයට බඳවාගෙන ඇති බව සමාජ මාධ්‍යජාලා හා විදෙස් වෙබ් අඩවි කිහිපයක් තොරතුරු වාර්තා කර තිබෙනවා.
එහි දැක්වෙන පරිදි මෙම සුනඛයා මීට පෙර කාලයක පටන් හුන්ඩායි ආයතනය ඉදිරිපිට රැඳී සිටිමින් ගැණුම්කරුවන් හා ඉතා සුහදව සිට තිබෙනවා.
මෙලෙස කාලයක් ගතවීමත් සමග අදාළ සුනඛයා හුන්ඩායි  ආයතනයේ අලෙවි නියෝජිතයෙකු ලෙස සේවයට බඳවා ගෙන ඇති බවයි විදෙස් වෙබ් අඩවි තොරතුරු වාර්තා කරන්නේ.
නමුත් මෙහි සත්‍ය අසත්‍යතාව පිලිබඳ අප හුන්ඩායි  ආයතනයේ නිල වෙබ් අඩවිය හෝ එහි නිල සමාජ මාධ්‍ය විමසුවත් මේ පිලිබඳ කිසිඳු සඳහනක් ආයතනික වශයෙන් ඔවුන් ප්‍රකාශ කර නැහැ.
කෙසේ වෙතත් ලංකාවේ වාර්තාවන සුරතුලුන්ට වඩානම් මෙම සුනඛයා ඉතාමත් ආදර්ශමත් බවයි පැවසීමට තිබෙන්නේ.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!