කොවිඞ් 19 වෛරසය ආසාදනය වීම නිසා සති 03 ක් පුරා රෝහල්ගතව සිටි ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන් සුවය ලබා රෝහලින් පිටව ගියේය.
77 හැවිරිදි වියේ පසුවන බච්චන් ඉන්දියාව පුරා පැතිර යන කොරෝනා වෛරස රෝගය පාලනය සඳහා ජනතාව දැනුවත් කිරීමේ කටයුතුවල නිරතව සිටියදී මෙලෙස වෛරසය ශරීරගත වන්නට ඇතැයි සැක කරයි.
සති 03ක් තිස්සේ නවදිල්ලි නුවර රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ ඔහු ඉකුත් 02 වැනිදා සිදුකරන ලද පී. සී. ආර්. පරීක්ෂාව්දී වෛරස ආසාදනය සුව වී ඇතැයි වෛද්‍යවරු ප‍්‍රකාශ කර ඇත.
