Gossip

”මම පෙම්වතියක්. ඒ ගැන වැඩිදුරට මම කතා කරන්න කැමැති නැහැ”

 උදාරි පසුගිය කාලයේ නිතර රූපවාහිනියේ දකින්න ලැබුණා. හැබැයි මේ දිනවල නිතර පෙන්න නැත්තේ ඇයි ?

මම දැනට රඟපෑ රාවණ ටෙලිනා්‍යයේ දෙවැනි කොටස විකාශනය වෙනවා. ඊට අමතරව චිත‍්‍රපට දෙකකට ආරාධනා ලැබුණා. ඉන් එක් චිත‍්‍රපටයක රූගත කිරීම්වලට මේ දිනවල දායකවෙලා ඉන්නවා. අනෙක් චිත‍්‍රපටය බොහොම ඉක්මනින් පටන්ගනීවි.

 මන්දෝදරී බිසවගේ මවට ලැබෙන ප‍්‍රතිචාර ?

ඉතාමත් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. මම හිතුවටත් වඩා ප‍්‍රතිචාර ලැබෙනවා. දෙවැනි කොටස අවසාන වෙන්න ළඟයි මම හිතන්නේ. ඒ වුණාට පේ‍්‍රක්ෂකයන් තුන්වැනි කොටසත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 ඒ කියන්නේ රාවණ ළඟදීම අවසන් වෙනවා. ඒකද ඇත්ත කතාව ?

ඔව්. රාවණ ළඟදීම අවසන් වේවි.

 අලූත් ආරාධනා දෙක ගැනත් කතා කළොත් ?

අභියෝගාත්මක චරිත දෙකක් ලැබුණා. ඒ චරිත දෙකම එකිනෙකට වෙනස්. මේ චරිත දෙකට උපරිම සාධාරණයක් ඉෂ්ඨ කරන්න තමයි සූදානම් වෙන්නේ.

 මේ දිනවල රූගත කරන චිත‍්‍රපටය ගැන කතා කරමු නේද?

ඒ ගැන දැන්ම කතා කරන්න බැහැ. මොකද චිත‍්‍රපටය රූගත කරලා තිරගත කරනකම් අපි ඒ ගැන කතා කරන්න අදහසක් නැහැ. එක චිත‍්‍රපටයක නම නම් රස්තා. අනෙක් චිත‍්‍රපටයේ නම දැන්ම ප‍්‍රකාශයට පත්කරලා නැහැ.

 රස්තා රූගත කිරීම් ආරම්භ කරලා නැතිද?

බොහෝ ඉක්මනින් රූගත කිරීම් ආරම්භ කරාවි. මොකද එහි රූගත කිරීම් ආරම්භ කරන්න සියලූ කටයුතු සූදානම් කරලයි තිබුණේ. කොරෝනා වසංගතය හේතුවෙන් තමයි එහි රූගත කිරීම් කල්ගියේ.

 නර්තන පන්තියක් ආරම්භ කළා කියන්නේ ඇත්තද?

ඔව්. මම නර්තන පන්තියක් ආරම්භ කළා. නුගේගොඩ තමයි මේ පන්තිය ආරම්භ කළේ. ලීසාන් ඇන්ඞ් උදාරි ඩාන්සින් ස්ටේෂන් තමයි අපේ නර්තන පන්තියේ නම.

 මේක අලූත් වැඩක්ද?

නැහැ. මේක අලූත් වැඩක් නෙමෙයි. අපි බොහෝ මෑතකදීම  කිරිබත්ගොඩත් මේ නර්තන පන්ති ආරම්භ කරන්න හිතාගෙන ඉන්නේ. දැනට අපේ නර්තන පන්තිය  නුගේගොඩ පවත්වාගෙන යනවා.

 ඇයි මේ නර්තන පන්ති පවත්වන්න හිතුවේ ?

මම මුලින්ම කළේ නර්තනය. ඉතිං පාසල් යනකාලේ මම සමස්ථ ලංකා ජයග‍්‍රහණ පවා ලබාගෙන තිබෙනවා. ඉතිං නර්තන හැකියාව මගේ ඇගේ තියෙනවා. ඉතිං මම හිතුවා නැවතත් නර්තන පන්ති ආරම්භ කරන්න. ගිය අවුරුද්දේ තමයි මම නර්තන පන්ති ආරම්භ කළේ. මේ අවුරුද්දේ නර්තන පන්ති නව මුහුණුවරකින් ආරම්භ කරන්න කියලා ගොඩක් යෝජනා වගේ ඉල්ලූම තියෙනවා. ඒ නිසා මම නර්තන පන්ති ප‍්‍රදේශ කිහිපයකම නුදුරේදීම ආරම්භ කරනවා.

 නර්තන කණ්ඩායමට මොකද වුණේ ?

මට නර්තන කණ්ඩායමක් තියෙනවා. ඒ කණ්ඩායම විවිධ වැඩසටහන්වලට වගේම විවිධ උත්සවලට ඉදිරිපත් කරනවා. මම ලීසානුයි එකතුවෙලා තමයි මේ කණ්ඩායම හදලා තියෙන්නේ.

 නර්තනය වැඩිපුර ඉඩක් වෙන්කරන්න හිතුවේ රඟපෑමට ලැබෙන ආරාධනා අඩු නිසාද?

නැහැ. නැහැ. ඒ දේවල් කරන්නේ සෙනසුරාදා සහ ඉරිදා. ඒක අමතර ව්‍යාපාරයක් විදිහට තමයි කරගෙන යන්නේ. තවත් මගේ මයි ඩියර් ක්ලෝතින් කියලා නිමි ඇඳුම් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා.

 රංගනයෙන් ලැබෙන මුදල මදි නිසාද ව්‍යාපාර පැත්තට යොමුවුණේ ?

මගේ අම්මයි තාත්තයි ව්‍යාපාරවලට සම්බන්ධවෙලා කටයුතු කරනවා. ඒ නිසා පුංචි කාලේ ඉඳන් මට ව්‍යාපාර ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ හින්දා මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕනෑ කියලා හිතුවා. රංගනය තමයි මගේ වෘත්තිය.

 ව්‍යාපාර ”රගපෑම්” නර්තනය කියන දේවල් පටලවා ගන්නේ නැතිව කරගෙන යන්න පුළුවන්ද?

පුළුවන්. ඊට අමතරව මම හඩකැවීම් ශිල්පිණියක් විදිහටත් වැඩකරනවා. නුදුරේදීම මගේ ගීතයක් එළිදක්වනවා. එහි වැඩකටයුතු මේ ළඟදීම තමයි අවසන් කළේ. ඒ ගීතයේ මියුසික් වීඩියෝව ඉතාම ළඟකදී එළිදක්වන්න අදහසින් ඉන්නේ.

 උදාරි ගායිකාවක් විදිහට කරලියට එන්නද සූදානම් වෙන්නේ ?

හැම අතින්ම මගේ දක්ෂතා පෙන්වලා තියෙනවා කිව්වොත් නිවැරදියි. එනිසා හැමෝගේම ඉල්ලීම පරිදි මේ ගීතයත් එළියට දමන්න හිතාගෙන ඉන්නේ.
මේ දේවල් කරන්නේ ජීවිතය සම්පූර්ණයි කියලා හිතාගෙනද?

එහෙම නෙමෙයි. මගේ දක්ෂතා පෙන්වලා තියෙනවා. හැමදේකින්ම මම පරිපූර්ණ නැහැ. අලූත් අලූත් දේවල් එනවා. ඒවා ඉගෙන ගන්න ඕනෑ.

 ජීවිතයේ පසුතැවීම් එහෙම තියෙනවාද?

එහෙම පසුතැවීමක් නැහැ. හැමදේම වුණේ හොදටයි කියලා තමයි මම හිතන්නේ.

 හොරෙන්ම ආදරය කරනවා කියන්නේ ඇත්තද?

ඔව්. මම පෙම්වතියක්. මම කැමැති නැහැ මම පෙම්වතියක් කියලා තැන තැන කියන්න. අනික මම පෙම්වතියක් වෙලත් පෙම්වතියක් නෙමෙයි කියලා කියන්න මම කැමැති නැහැ. කේෂ්ත‍්‍රයේ අය නම් එහෙම වුණත් කියන්න කැමැති නැහැ කියලා ගොඩක් දෙනෙක්   කියනවා. නමුත් මම එහෙම නැහැ. මම පෙම්වතියක්. ඒ වැඩිදුරට මම කතා කරන්න කැමැති නැහැ.

 පුද්ගලික ජීවිතය වැඩිපුර කතා කරන්න කැමැති නැතිද?

කැමැති නැහැ. ඒක මගේ පුද්ගලික ජීවිතයනේ. දැන් මම පෙම්වතියක්. ඒ ගැන වැඩිපුර විස්තර විවාහ වෙනදවසට කියන්නම්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!