බංගදෙනිය කුම්බුටුකුලිය ශාන්ත අබේසේකරපුර දී සිව් දෙනකු කඩුවලින් කපා තුවාල සිදු කිරීමට සම්බන්ධ ආරච්චිකට්ටුව ප්රාදේශීය සභාවේ මන්ත්රීවරයෙකු වන ඩබ්ලිව්. සුජිත් ප්රනාන්දු යන අය රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
සැකකාර මන්ත්රීවරයා විවාහක 36 වන වියේ පසුවන්නෙකි. ඔහු අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය කුම්බුටුකුලිය ශාන්ත අබේසේකර පුර පදිංචි කාන්තාව එම අනියම් ඇසුර නවතා දැමීමට උරණ වී සුනිල් නොහොත් සූදා නම් අයකු සමග ගොස් ඇයව හා ඇගේ ඥාතීන් තිදෙනකු කඩුවලින් කපා තිබේ.
ජුලි 07 දින රාත්රී 10.00 ට පමණ මෙම සිද්ධිය වීමත් සමග සැකකාර මන්ත්රීවරයා මුන්නේශ්වරම ප්රදේශයේ සැඟව සිටියදී 13 දින හලාවත පොලිසිය අත්අඩංගුවට විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
සුනිල් නොහොත් සුදා යන අය තවමත් සැඟවී සිටියි.
කඩු පහරවලින් තුවාල ලබා හලාවත මහ රෝහලේ ප්රතිකාර ලබනුයේ අංජුලා ලක්මාලි ලිවේරා තෙන්නකෝන්, ගොළුරජ්ජුගේ වසන්ති ධම්මිකා බොතේජු අනුෂ්කා සඳමාලි ලිවේරා තෙන්නකෝන් සහ රණසිංහගේ පූර්ණමාල් ධනංජය යන අයයි.
පොලිසිය නඩු භාණ්ඩ ලෙස සිද්ධියට සම්බන්ධ කඩු දෙකක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
