මනීෂා කොයිරාල.. ඇය 90 දශකයේ බොලිවුඩය වර්ණවත් කළ සුරූපිනියක්.
ඇයගේ රූපය ගැන තවමත් බොහෝ දෙනෙක් කතා වෙනවා.
නමුත් ඒ රූපයට එහා ගිය අවාසනාවක් ඇයව වෙලා ගත්තේ මනීෂාව පිළිකාවකින් අඩපණ කරමින්.
වසර ගණනක් තිස්සේ ඇය මේ පිළිකාව සමග සටන් කළා.
ඉන් පසුව ඇය ලොවට ප්රකාශයක් කරමින් පවසන්නේ තමන් පිළිකා සටන ජයගත් බවයි.
මේ සටන පිටුපස ඇයගේ සමීපතමයන්ද සිටිබව ඇය පවසනවා.
දැන් මනීෂා ඉන්ස්ටග්රෑම් ප්රේක්ෂකයන් අතර ජනප්රිය වී තිබෙනවා.
49 හැවිරිදි වියේ පසුවන මනීෂාගේ වෙනස් ස්වරූපය ජීවිතයට බොහෝ පාඩම් උගන්වනවා.
මනීෂා වනාන්තරයක් හරහා ඇවිද යන ඡායාරූපයක් සමග මෙවැනි සටහනක් තබා තිබුණා.
“වනාන්තරය සුන්දරයි සේම ගැඹුරුයි. එහෙත් මට තබා ගැනීමට පොරොන්දු ඇත. මම නිදාගැනීමට පෙර සැතපුම් ගණනක් ඇවිද යා යුතුය”
