Gossip

කොරෝනා රෝගීන් අපේ රටේ නෑ කියලා උදම් ඇනූ උතුරු කොරියාවෙන් පළමු කොරෝනා ආසාදිතයා හමුවෙයි – කිම් ජොන් උන් හදිසියේම ගත්ත තීරණය මෙන්න

උතුරු කොරියාවේ ප‍්‍රථම කොරෝනා ආසාදිතයා වාර්තාවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ සමගම උතුරු කොරියානු නායක කිම් ජොන් උන් එරට රජයේ ප‍්‍රධානීන් සමග හදිසි සාකච්චාවක් පවත්වා කොරෝනා පැතිරයෑම වැළැක්වීමට ගත හැකි පියවර සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බවයි වැඩිදුරටත් එම වාර්තාවල දැක්වුණේ.
උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය පවසන්නේ ආසාධිතයා කේසෝන් නගරයෙන් හමුවී ඇති අතර දකුණු කොරියාවේ සිට අනවසරයෙන් එරටට පැමිණි අයකු බවයි.
මේ වන විට එම රෝගියාට ප‍්‍රතිකාර කිරීම ආරම්භ කර නිරෝධායනයට ලක්කර තිබේ. එසේම එම රෝගියා ඇසුරු කළ පිරිස්ද නිරෝධායනයට ලක්කර තිබෙනවා.
එසේම එම රෝගියා හමුවූ ප‍්‍රදේශයට අමතරව ඒ වටා අනෙකුත් ප‍්‍රදේශද හුදකලා කර තිබේ. එසේම එම ප‍්‍රදේශ සඳහා හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබේ.
මෙම රෝගියා උතුරු කොරියාවට පැමිණි ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඊට වගකිව යුතු උතුරු කොරියානුවන්ට දැඩි දඬුවම් පමුණුවන බව උතුරු කොරියානු රජය පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!