Gossip

රට හෙල්ලූ පාතාල කෙරුමෝ මෙන්න

මත්ද්‍රව්‍ය ජාවා­රම්, මිනී­මැ­රුම්, කොල්ල­කෑම් ඇතුළු මහා පරි­මාණ අප­රාධ ක්‍රියා­වන්හි නිරත වන සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­කා­ර­යන් හෙවත් පාතා­ල­යන්ගේ හිස එස­වීම් අවස්ථා කිහි­ප­යක්ම පසු­ගිය දින­ව­ලදී සිදු විණි. කොරෝනා වසං­ග­ත­යට රටම අක්‍රි­යව තිබී නැව­තත් යථා තත්ත්ව­යට පත් වෙමින් තිබි­යදී පොලි­සි­ය­ටද අභි­යෝග කර­මින් පාතාල සාමා­ජි­ක­යන් වෙඩි පිට වෙඩි තබා පලා ගියේ මොර­ටුව – සොයි­සා­පුර හෝට­ල­ය­ක­ටයි.

එම ප්‍රහා­ර­යත් සමඟ පාතා­ල­යන්ට එරෙ­හිව රජය ක්ෂණික ක්‍රියා­මාර්ග ගත්තෙ ජනා­ධි­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් පොලි­සිය ඇතුළු සියලු ආර­ක්ෂක අංශ­ව­ලට අවශ්‍ය උප­දෙස් ලබා දෙමිනි. ඒ අනුව ආර­ක්ෂක ලේකම් විශ්‍රා­මික මේජර් ජෙන­රාල් කමල් ගුණ­ර­ත්න­ගේද උප­දෙස් මත පොලි­ස්ප­ති­ව­ර­යාගේ මඟ පෙන්වී­මෙන් පොලි­සිය සහ පොලිස් විශේෂ කාර්ය බළ­කාය මේ වන විට දිවා රෑ නොබලා පාතාල අප­රා­ධ­කා­ර­යන් සොයා මෙහෙ­යුම් දියත් කර­මින් සිටී.

එම මෙහෙ­යු­ම්ව­ලදී දින­ප­තාම පාහේ පාතාල සාමා­ජි­ක­යන් අත්අ­ඩං­ගු­වට පත්වන්නෙ මත්ද්‍රව්‍ය, ගිනි­අවි, නීති විරෝ­ධිව උප­යා­ගෙන ඇති කෝටි ගණන් මුදල් සහ රථ­වා­හන ඇතුළු දේපොළ වත්කම් සම­ඟිනි.

බස්නා­හිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා විසින් පාතාල මර්ද­නය පිළි­බ­ඳව හෙළි කර­මින් මේ වන විට බස්නා­හිර පළාත කේන්ද්‍ර­කොට සක්‍රී­යව සිටින පාතාල කල්ලි 20ක් පිළි­බ­ඳව හෙළි කෙරිණි. එහිදී එම කල්ලි­ව­ලට අයත් සාමා­ජි­ක­යන් 388 දෙනෙක්ද හඳු­නා­ගෙන ඇති බවත් ඉන් 26 දෙනෙක් පමණ අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර සෙසු පිරි­සද අත්අ­ඩං­ගු­වට ගැනී­මට පොලි­සිය කට­යුතු කරන බව සඳ­හන් කළේය.

එසේම පසු­ගිය කාලයේ එවන් අප­රාධ කල්ලි 26ක් තිබී ඇති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා කීවේය. ඒ, පසු­ගිය කාලය පුරා­වට රටම වෙළා ගනි­මින් අප­රාධ සිදු කර­මින් සාමා­ජි­ක­යන් 100කට නොඅ­ඩුව සිටි බවට සැලවන වන මාක­ඳුරේ මධුෂ්ගේ කල්ලිය ඇතුළු කංජි­පාන ඉම්රාන්, අංගොඩ ලොක්කා, කොස්ගොඩ තාරක, කොස්ගොඩ සුජි, කුඩු අංජු, ගොනා­කෝ­විලේ රොහා, ගනේ­මුල්ල සංජීව, කෙසෙ­ල්වත්ත දිනුක, ගොත අසංක, ඌරු ජුවා, වැල්ලෙ සාරංග, කුඩු රොෂාන්, ගම්පහ ඔස්මන්, බ්ලුමැ­න්ඩල් සංඛ, දෙම­ට­ගොඩ චමින්ද, කුඩු සෙල්වි, පූකු­ඩු­කන්නා, වැල්ලෙ සුරංග, චූටි උක්කුං, දූන­ගහ සුජී, මහ­වත්තෙ චුට්ටේ, කොට­හේන චානා, සේද­වත්තෙ චුට්ටේ, ආමි සම්පත් සහ ලලිත් පින්තු යන නමින් පෙනී සිටි අප­රා­ධ­කා­ර­යන් විසින් මෙහෙ­යවූ සහ මෙහෙ­ය­වන කල්ලිය. එම කල්ලි අත­රින් ආමි සම්පත්, මහ­වත්තෙ චාමර, සේද­වත්තෙ චුට්ටේ, කොට­හේනේ චානා, ලලිත් පින්තු සහ දූන­ගහ සුජී මෙහෙ­යවූ කල්ලි හය මේ වන විට අක්‍රි­යව ඇති බවද පොලි­සිය අනා­ව­ර­ණය කර­ගෙන තිබේ. ඒ, එම කල්ලි නාය­ක­යන් සහ ගෝල­බා­ල­යන් බොහො­ම­යක් දෙනා අත්අ­ඩං­ගු­වට පත්ව බන්ධ­නා­ගා­ර­ගත වීම නිසා­වෙනි.

සක්‍රි­යව ඇති කල්ලි විස්සෙ­හිද බොහො­ම­යක ප්‍රධා­නීන් නීතියේ රැහැ­නට කොටු වී හෝ නැති­නම් පර­ලො­වය. එහිදී ගිය වසරේ පෙබ­ර­වාරි 04 වැනිදා ඩුබා­යි­හිදී අත්අ­ඩං­ගු­වට පත් මාක­ඳුරේ මධුෂ් රැඳ­වුම් නියෝග මත අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව බාරයේ පසු­වෙද්දී එදි­නම ඩුබා­හි­යිදී අත්අ­ඩං­ගු­වට පත් කංජි­පාන ඉම්රාන්, ගනේ­මුල්ල සංජීව, භාරත ලක්ෂ්මන් ප්‍රේම­චන්ද්‍ර ඝාත­න­යට මරණ දණ්ඩ­නය නිය­මව සිටින දෙම­ට­ගොඩ චමින්ද, ගොත අසංක, ඌරු ජුවා, කුඩු රොෂාන්, බ්ලුමැ­න්ඩල් සංඛ, කොස්ගොඩ තාරක වැන්නන් මේ වන විට පසු­වන්නෙ දරුණු ගණයේ අප­රා­ධ­කා­ර­යන් රඳවා තැබෙන බූස්ස බන්ධ­නා­ගා­රයේ වෙන් වෙන් කුටි­ව­ලයි.

සක්‍රීය කල්ලි 20න් මෝදර, මට්ට­ක්කු­ලිය, ග්‍රෑන්ඩ්පාස් සමි­ට්පුර ප්‍රදේ­ශ­වල පාතාල බලය ක්‍රියා­ත්මක කළ චූටි උක්කුං නමින් ප්‍රච­ලි­තව සිටි කාරි­ය­ප්පෙ­රු­මගේ ගයාන් නමැත්තා 2016 වර්ෂයේ නොවැ­ම්බර් මස 23 වැනිදා කුඩු රොෂාන්ගේ කල්ලිය අතින් මර­ණ­යට පත්වී­මත් සමඟ ඔහුගේ කල්ලියේ සග­යන් මේ වන විට ආම් සම්පත්, ගනේ­මුල්ල සංජීව වැනි වෙනත් අයගේ කල්ලි­ව­ලට එක්ව සිටින බවකි. එහෙත් චූටි උක්­කුංගේ මල්ලි වන ප්‍රියං­ක­රද මේ වන විට පිරිස් එක්රැස් කර­මින් සිටින වගකි.

මෙකී කල්ලි විස්සට අයත් එකම කාන්තාව වන කුඩු සෙල්විද මේ වන විට පර­ලොව ගොස් අව­සා­නය. දැනට ඉන්දි­යා­වට පැන­ගොස් සිටින පූකු­ඩු­ක­න්නාගේ කල්ලියේ සිටින එල්ටී­ටීඊ සංවි­ධා­නයේ චාල්ස් ඇන්තනී බළ­කායේ සිටි ස්ටැන්ලි කෙනඩි හෙවත් බුම්මා විසින් 2015 සැප්තැ­ම්බර් 15 වැනිදා සෙල්විගේ නිවෙ­ස­ටම ගොස් සිදු­කළ වෙඩි ප්‍රහා­ර­ය­කිනි.

පුකු­ඩු­ක­න්නාගේ කල්ලියේ සිටින බුම්මා යනු ‍මෙරට පාතාල ලෝකයේ සිටින දෙඅ­තින්ම ගිනි­අවි හැසි­ර­විය හැකි භයා­න­කම වෙඩි­ක්ක­රුවා ලෙස සැලැකේ. ඔහුව දකුණේ පාතා­ල­යට ඇද ගැනුණේ කොස්ගොඩ සුජි විසිනි.

ඒ බුම්මා සහ කොස්ගොඩ සුජි බුස්ස බන්ධ­නා­ගා­රයේ සිටි­යදී ඇතිවූ මිතු­දම හර­හායි.

සෙල්විගේ ඝාත­න­යත් සමඟ කර­ළි­යට ආ ඇයගේ පුතුන් තිදෙනා වන පලනි ශිරාන්, පලනි ‍කෙනිස්ටන් සහ පලනි රිමෝ­ෂන් පොලි­සි­යට කොටු වූයේ පසු­ගිය කාලයේ ජම්පටා වීදිය ඇතුළු මෝදර, මට්ට­ක්කු­ලිය ප්‍රදේ­ශ­වල සිදු­කළ මිනිස් ඝාත­න­යන් රැසක් නිසා­වෙනි.

ශිරාන් සහ කෙනි­ස්ටන් අඟු­ණ­කොළපැලැස්ස බන්ධ­නා­ගා­ර­යේත්, රිමෝ­ෂන් රැඳ­වුම් නියෝග මත කොළඹ අප­රාධ කොට්ඨාස බාර­යේත් පසු වේ.

ඔවුන් සිදු­කළ බොහෝ ඝාත­න­යන්ට සහාය වූයේ මධුෂ් සහ කංජි­පාන ඉම්රාන්ය. කංජි­පා­නගේ මත්ද්‍රව්‍ය ජාවා­රම පසු­ගිය කාලය පුරා­ව­ටම කොළඹ නග­රය තුළ සිදු කළේ සෙල්විගේ මෙකී දරු­වන් තිදෙනා විසිනි.

එම නිසා මධුෂ්, කංජි­පාන සමඟ සෙල්විගේ දරු­වන්ට සමීප සබ­ඳ­තා­වක් තිබිණි. මධුෂ්ගේ වෙඩි­ක්ක­රු­වන් යොදා­ගෙන සෙල්විගේ දරු­වන් විසින් පුකු­ඩු­ක­න්නාගේ පියා­ණන්ද ඝාත­නය කෙරිණි.

සෙල්විගේ පාර්ශ්වය සමඟ මත්ද්‍රව්‍ය ජාවා­රම නිසා­වෙන් එලෙස ගැටු­මක් පැවැති පුකු­ඩු­ක­න්නාගේ පාර්ශ්වයේ බොහෝ දෙනෙක් පසු­වන්නෙ ඉන්දි­යා­වේය. පුකු­ඩු­කන්නා එකී කල්ලි­යට නාය­ක­ත්වය දුන්නත් එම පිරිස මෙහෙ­ය­වනු ලබන්නෙ දැනට ඉන්දි­යාවේ පසු­වන සින්න­යියා ගුණ­ර­ත්නම් හෙවත් කිඹු­ලා­ඇළ ගුණා නමින් ප්‍රකට අප­රා­ධ­කා­ර­යාගේ සහෝ­ද­රයා වන ඉන්දි­යා­වේම සිටින ‍අරිස­ර­ත්නම් සුරේෂ් රාජ් හෙවත් පොඩි සුරේෂ් නමැත්තා ය.

පුකු­ඩු­ක­න්නාගේ නැඟ­ණිය විවාහ කර­ගෙන සිටින පොඩි සුරේෂ්ට දෙමළ ඩය­ස්පෝ­රාව සම­ඟද සබ­ඳතා තිබෙන බවකි. මධුෂ්ව ඩුබායි පොලි­සි­යට කොටු­කර දීමේ පිටු­පස සිටි පුද්ග­ල­යෙක් ලෙස­ටද සුරේෂ් සැලැකේ.

එසේම මෙකී සක්‍රිය කල්ලි­වල තවත් පිරි­සක් රටින් පළා ගොස් වර්ත­මා­නයේ කල් ගෙවන්නෙ විදෙස් රට­ව­ලයි. විදේ­ශ­වල සිට දුර­කතන ඔස්සෙ සිය ගෝල­බා­ල­යන් මෙහෙ­ය­ව­මින් මිනී­මැ­රුම්, කප්පම් ගැනීම්, කොල්ල­කෑම් ඇතුළු සියලු අප­රාධ ක්‍රියාවන් ඔවුන් විසින් මෙහෙ­ය­වයි.

එකී පිරි­සෙන් රත්ම­ලාන, මොර­ටුව කේන්ද්‍ර­කොට පාතාල බලය පතු­රු­වන කුඩු අංජු ඉතා­ලියේ වෙසෙන බව­ටත්, අංගොඩ ලොක්කා, පූකු­ඩු­කන්නා, වැල්ලෙ සුරංග ඉන්දි­යාවේ සිටින බවත්, කොස්ගොඩ සුජී සහ සෙල්වත්තෙ දිනුක ඩුබායි රාජ්‍යයේ සිටින බවත් සැලවේ.

විදේ­ශ­යන්හි පසු­වන එම කල්ලි ප්‍රධා­නීන් සමඟ 13 දෙනෙක් පමණ පොලි­සිය හඳු­නා­ගෙන ඇති අතර ඔවුන්ද ඉදි­රි­යේදී මෙර­ටට ගෙන්වා ගැනී­මට ජාත්‍ය­න්තර පොලි­සි­යට රතු නිවේ­දන නිකුත් කිරී­මට පොලි­සිය අවශ්‍ය නීති­මය කට­යුතු සිදු­ක­රන බව පවසයි. මේ වන විට නිදැල්ලෙ පසු­වන්නෙ ගොනා­කෝ­විල රොහා, ගම්පහ ඔස්මන් සහ වැල්ලෙ සාරංග පමණි.

ඉන් ගොනා­කෝ­විල රොහා බන්ධ­නා­ගා­ර­යෙන් ඇප ලබා පිටව ගියත් ඔහු එදින සිටම ආගිය අතක් නැත. රොහා සැඟ­වුණු දිවි­යක් ගත කර­මින් සිටින්නෙ කුඩු අංජුගේ පාර්ශ්ව­යෙන් තිබෙන මර බිය නිසා­වෙනි. පසු­ගිය දින­වල කුඩු අංජු ගැන බොහෝ සේ කතා­බ­හට ලක්වූයේ විදේ­ශයේ සිට දුර­ක­ථන ඔස්සෙ සිය ගෝල­බා­ල­යන් මෙහෙ­ය­ව­මින් මොර­ටුව, සොයි­සා­පුර හෝට­ලය එල්ල කළ ප්‍රහා­ර­යත් සම­ඟිනි. එසේ අංජු විරුද්ධ පාර්ශ්ව­යන්ට එල්ල කරන තර්ජන නිසා­වෙන් කිසි­යම් මොහො­තක හෝ රොහාද අංජුගේ පාර්ශ්ව­යට ප්‍රති­ප්‍ර­හා­ර­යක් එල්ල කර­මින් නැව­තත් රත්ම­ලානේ අළු යට ගිනි පුපු­රනු ඇති බවට භීති­යක් තිබේ.

මේ අප­රාධ කල්ලි සාමා­ජි­ක­යන් අත­රින් ගෙවී ගිය දින කී‍පයේ උණු­සුම් පුව­තක් වාර්තා වූයේ ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා පිළි­බ­ඳ­වයි. කඩු­වෙල, අංගොඩ, මුල්ලේ­රි­යාව අවට පෙදෙස්හි පහත් බිම් ගොඩ කර­මින් කප්පම් ලබා ගනි­මින් පසු­ගිය කාල වක­වා­නුවේ කොළඹ අවට ප්‍රබල ලෙස පාතාල අප­රාධ ක්‍රියා සිදු­කළ අංගොඩ ලොක්කා ඉන්දි­යා­වේදී මිය­ගිය බවට වාර්තා විණි.

මීට සති දෙක­කට පමණ පෙරදී ලොක්කාගේ අනි­යම් බිරිය විසින් ඔහුට වස දී මර­ණ­යට පත්කර ඇති බව­ටත් එසේම හෘද­යා­බා­ධ­ය­කින් බැං‍ගලෝර් රෝහ­ල­කදී මිය­ගිය බව­ට වාර්තා වුවත් එය නිල වශ­යෙන් බුද්ධි අංශ තහ­වුරු කර නොති­බිණි. මාක­ඳුරේ මධුෂ් සමඟ එක්ව 2017 පෙබ­ර­වාරි 27 වැනිදා කළු­තර, එත­න­ම­ඩ­ලදී බන්ධ­නා­ගාර බස්ර­ථ­යට වෙඩි පිට වෙඩි වරු­ෂා­වක් එල්ල කර­මින් එව­කට පාතා­ලයේ ‘ගෝඩ් ෆාදර්’ වීමට මාන බල­මින් සිටි රණාලේ සමයං ඇතුළු සය­දෙ­නෙකු ඝාත­නය කොට බෝට්ටු­ව­කින් ඉන්දි­යා­වට පලා ගිය අංගොඩ ලොක්කා එදින සිටම ඉන්දි­යාවේ විසු­වේය.

මේ දින­වල පාතාල කල්ලි සාමා­ජි­ක­යන් අතු­රින් වැඩිම කතා­බ­හට ලක්වන්නෙ කොස්ගොඩ තාරක පිළි­බ­ඳ­වයි. දකුණේ ප්‍රබ­ලම අප­රා­ධ­කා­ර­යෙක් වන කොස්ගොඩ සුජී සමඟ එක්ව තාරක අප­රාධ ලෝක­යට අත්පොත් තබන්නෙ කොස්ගොඩ සිටි ප්‍රබල අප­රා­ධ­කා­ර­යෙක් වූ එස්.එෆ්. නදුන්ගේ ඇවෑ­මෙනි. නදුන් මේ වන විට ඉතා­ලියේ නිද­හස් දිවි­යක් ගත­ක­රන බවකි. සුජී සහ තාරක ගජ­මි­තු­රන් ලෙස කුඩා කල සිට හැදී අප­රාධ ක්‍රියා­ව­ලට යොමු වුවත් පසුව නදුන් විසින් ඔවුන් දෙදෙ­නාගේ විර­ස­කය ඇති කළේය.

මුල් කාලයේ බැංකු සහ මූල්‍ය ආය­තන කොල්ල­ක­මින් කොල්ල­ක­රු­වකු ලෙස කර­ළි­යට ආ කොස්ගොඩ තාරක මාතර නිලේඛා කොල්ල­යේදී පොලි­සි­යට කොටු විණි.

මෑතක සිට තාරක මත් ජාවා­ර­ම­ටද අත ගසා තිබෙන්නෙ මීට පෙරදී බන්ධ­නා­ගා­ර­ග­තව සිටිද්දී හඳු­නා­ගත් කොළඹ අවට අප­රාධ කල්ලි සාමා­ජි­ක­යන් හා එක්වයි.

පසු­ගිය මස 29 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළ­කාය විසින් හෝමා­ග­මදී අත්අ­ඩං­ගු­වට ගැනුණු ගිනි­අවි තොග­යද කොස්ගොඩ තාර­කගේ බවට අනා­ව­ර­ණය වේ.

කොස්ගොඩ තාරක එම ගිනි­අවි භාවිත කර­මින් බන්ධ­නා­ගා­ර­ග­තව සිටින කංජි­පාන ඉම්රාන් හෝ ප්‍රබල ගණයේ රැඳ­වි­ය­කුට ප්‍රහා­ර­යක් එල්ල කිරී­ම­ටද සැලැ­සුම් කර සිටි බවකි.

එසේ එම ගිනි­අවි තොගය අත්අ­ඩං­ගු­වට පත්වී­මට පෙර තාරක, කංජි­පාන ඉම්රාන් ඇතුළු ප්‍රබල අප­රා­ධ­කා­ර­යන් කිහිපදෙනෙකු බූස්ස බන්ධ­නා­ගා­රය තුළ කෑම වර්ජ­න­යක් කර තිබුණේ ඔවුන්ව රඳවා තැබෙන විශේෂ කුටි­වල සිටින කාලය අඩු කරන ලෙස­ටයි.

එම වර්ජ­නය පිළි­බ­ඳව සාකච්ඡා කිරී­මට ගිය බන්ධ­නා­ගාර කොම­සා­රි­ස්ව­රුන් දෙදෙ­නෙ­කුට සහ සෙසු පිරි­සට තාරක තර්ජ­නය කර තිබුණේ තමාගේ ජාලය එළියේ ක්‍රියා­ත්මක වන බවත්, ඕනෑ­ත­රම් ගිනි­අ­විද තිබෙන බවත් බන්ධ­නා­ගාර නිල­ධා­රින් ඝාත­නය කරන බවත් පව­ස­මිනි.

පොලි­සිය අනා­ව­ර­ණය කර­ගෙන ඇති පාතාල කල්ලි 20ට අම­ත­රව මත් ජාවා­රමේ යෙදෙන ප්‍රධා­නම ජාල­යක් මෙහෙ­ය­වන තැනැත්තා ලෙස වෙලේ සුදාද සැලැකේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිල­ධා­රින් මත් ජාවා­රම් උගුලේ පැට­ලීමේ තිරය පිටු­පස පුද්ග­ලයා වෙලේ සුදා බව­ටද හෙළිවෙමින් තිබේ.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!