Gossip

වතුර භාජනයට වැටුණු බිළිඳා මොළය අක්‍රීය වීමෙන් මියයයි

නිවසේ මුළුතැන්ගෙයි තිබූ වතුර භාජනයකට ඇදවැටී වතුර පෙවීම නිසා මොළය අක්‍රීය වීමෙන් මාස 11යි දින 14 ක්‌ වියෑති නිවුන් බිළිඳකු මියගොස්‌ ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්‌ෂණ රෝහලේ පෙරේදා (23 දා) පැවැති හදිසි මරණ පරීක්‍ෂණයේදී අනාවරණය විය.

මියගොස්‌ ඇත්තේ තෙක්‌කා යද්දෙහිගේ තරුෂ සදෙව් කුමාර (මාස 11 දින 14 ක්‌) වයසැති කුඹුක්‌කන මොනරාගල ප්‍රදේශයේ පුංචි බිළිඳෙකි. මෙකී බිළිදගේ මව වළං සෝදමින් සිටියදී මුළුතැන්ගෙයි තිබූ වතුර භාජනයකට දරුවා ඇදවැටී ඇත. පසුව මව විසින් මෙකී   බිළිදා  ඔක්‌කම්පිටිය රෝහලට රැගෙන ගොස්‌ ඇත. ඉන්පසු කීරගල රෝහලට රැගෙන යැමෙන් පසු කෘත්‍රිම ශ්වසනය ලබාදී කරාපිටිය ශික්‌ෂණ රෝහල වෙත මාරුකොට ඇත.

කරාපිටිය ශික්‌ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙකී බිළිදා මියගොස්‌ ඇත. මෙකී සිද්ධිය වූ දින බිළිදාගේ පියා නැකතට බිළිදාගේ කොණ්‌ඩය කැපීම සඳහා මුදල් සොයා ගැනීමට නිවසින් පිටව ගොස්‌ ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!