නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 10 දෙනෙකු අද පස්වරු 2.55 වන විට වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.
එලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 09 දෙනෙකු කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වන අතර අනෙක් පුද්ගලයා කන්දකාඩු හිදී කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් බවයි වාර්තා වන්නේ.
මේ වන විට රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 658ක් වනවා.
