Gossip

පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයෙන් මැලේරියා රෝගීන් දෙදෙනෙක් හමුවෙයි

දඹුල්ල පැල්වෙහෙර කොවිඩ් 19 නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් මැලේරියා රෝගීන් දෙදෙනෙකු හමුවූ බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රසාද් පැවැසීය.

ගෙවුණු සති දෙක තුළ නිරෝධාන මධ්‍යස්ථානවලින් මැලේරියා රෝගීන් දස දෙනෙකු සොයා ගෙන තිබේ. ඔවුන් සියලුම දෙනා මැලේරියා රෝගය පවතින රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන් බව අනාවරණය වී තිබේ.

දඹුල්ල පැල්වෙහෙර මධ්‍යස්ථානයෙන් පමණක් මැලේරියා රෝගීන් 07 ක් හමුවී ඇති අතර තිදෙනෙකු මීගමුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් සොයා ගෙන ඇත. දඹුල්ලෙන් සොයා ගත් රෝගීන් දෙදෙනා දඹුල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රත්‍රිකාර ලබන බවද අධ්‍යක්‍ෂවරයා පැවැසීය.

මැලේරියා රෝගය පවතින රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන වන සියලු පුද්ගලයන්ගේ රුධිර සාම්පල පරීක්‍ෂා කිරීමට පියවර ගත් බව වෛද්‍ය ප්‍රසාද් රණවීර පැවැසීය. ශ්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන තිබේ.

යළි මැලේරියා රෝගය රට තුළ හිස එසවීමට කිසිදු ඉඩක් නැතැයි කී අධ්‍යක්‍ෂවරයා ආනයනික රෝගීන් හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව පැවැසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!