යාපනයේ කොලූම්පුතුරෙයි ප්රදේශයේ තිබී අත් බෝම්බ 17 කින් යුත් බෝම්බ පෙට්ටියක් පෙරේදා (16) දා පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
නිවසක් අතුපතු ගා සුද්ද කිරීමේදී මෙම බෝම්බ පෙට්ටිය එහි වළලා තිබියදී නිවැසියන්ට හමු වී ඇති අතර පසුව ඔවුන් ඒ බව පොලීසියට දන්වා තිබේ.
මේ බෝම්බ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද සමයේදී භාවීතයට ගන්නා ලද බෝම්බ බවට පොලීසිය සැක කරයි.
මෙම බෝම්බ සියල්ලම යකඩ පෙට්ටියක බහා තිබූ අතර බොහෝ කාලයක් ගතව තිබීම නිසා එම අත් බෝම්බ මළකඩ කා ඇති බවද පොලීසිය සඳහන් කරයි.
යාපනය අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත යාපනය පොලීසිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ සහය ඇතිව එම බෝම්බ නිෂ්ක්රීය කිරීමට පියවර ගෙන තිබේ.
