බොලිවුඩ් සුපිරි නළු අමාතාබ් බච්චන් හා ඔහු ගේ පුත් බොලිවුඩ් නලු අභිෂේක් බච්චන්ට කෝවිඩ් 19 වෛරසය ආසාධනය වී තිබෙනවා.
අමිතාබ් හා අභිෂේක් බච්චන්ලාට සිදු කළ පරීක්ෂණයේදී ඔවුනට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ඔවුන් රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අද දින සිය ට්විටර් ගිනුමේ අමිතාබ් බච්චන් තමාට කෝව්ඩ් 19 වැලදී ඇති බවට සටහන් තබා ඇති අතර මේ වන විට තමන්ගේ පවුලේ සාමාජිකයින්ද පරීක්ෂාවට ලක් කරන බව එහි කියා ඇත. එමෙන්ම පසු ගිය දින 10ක කාලය තුළ තමන් ඇසුරු කළ සියලු දෙනාටද කෝවිඩ් 19 පරීක්ෂාව කරගන්නා ලෙස ඔහු වැඩිදුරටත් ඉල්ලා ඇත.
මේ අතර අභිෂේක් බච්චන් ද සිය පියාට හා තමාට කෝවිඩ් 19 ආසාධනය වී ඇති බව සිය ට්විටර් ගිනුමේද සටහනක් තබා තිබුණා.
