බාල වයස්කාර දැරියන් දෙදෙනකුට අතවර කිරීමක් සම්බන්ධයෙන් 52 හැවිරිදි තිදරු පියෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙම දැරියන් අවුරුදු 04 සහ 08 වයස්වල පසුවූවෝ වෙති. මෙම දැරියන් අතවරවලට ලක්වී ඇත්තේ හේනක වාඩියක් තුළදීය. ඔවුන්ගේ මව කුලී වැඩට ගොස් සිටින අතරතුරදී මවගේ බාප්පා විසින් මෙම අපරාධය සිදුකර ඇති බව වාර්තා වේ.
අනතුරුව එම දැරියන් මවට මෙම සිද්ධිය පැවසීමෙන් පසු ඇය පොලිසියට පැමිණිලි කර ඇත. සැකකරු වයස අවුරුදු 52 ක් වන අතර ඔහුට විවාහක දරුවන් ද සිටී.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත් කෝසල ඉලංගසිංහ මහතා වෙත පසුගිය 03 වැනි දින ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේය.
දැරියන් දෙදෙනා වෛද්‍ය වාර්තාව ලබාගැනීම සඳහා අධිකරණ වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි. මෙම දැරියන්ගේ පියා කුඩුවලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය කිරීම සඳහා යවා ඇති පුද්ගලයකු බව පොලිසිය පවසයි.
