කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් පැන ආ සැකකරුවන් දෙදෙනකු කොරෝනා වැළඳී ඇතැයි යන සැකය මත වත්තල පොලිසිය විසින් (10 දා* අත්අඩංගුවට ගෙන පී. සී. ආර්. පරීක්ෂණය සඳහා ඔවුන් වැලිසර ක්ෂය රෝග රෝහලට ඇතුළත් කර ඇත.
මොවුන් වත්තල හේකිත්ත හා මාබෝල මුතුරාජ මාවතේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ ප්‍රදේශවල ජනතාව මෙන්ම ඔවුන් සමග සමීප සබඳතා පැවැත්වූවෝ ද දැඩි සේ බියට පත්ව සිටිති.
වත්තල පොලිසිය හා වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය එක්ව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
