වාහනය පදවමින් සිටියදී තමාට ටිකක් නින්ද ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් මහතා ඊයේ පානදුර පොලිසියට ප්‍රකාශ කර ඇත.
ඒ මහතා පැදවූ මෝටර් රථයට යටවී පාපැදිකරුවකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් භාරයට ගැනීමෙන් පසු ඔහු පොලිසියට එසේ පවසා ඇත.
අනතුර සිදුවීමට පෙර දින රාත්‍රියේ මංගල්‍ය උත්සවයකට සහභාගිවීමෙන් පසු මිත්‍රයකු ඇරලීමට කොළඹට ගොස් ආපසු එද්දී මෙම අනතුරට ලක් වූ බව ද කුසල් මෙන්ඩිස් මහතා පොලිසියට කියා ඇත.