Gossip

හිතුවක්කාර ක්‍රියා කලාපයන් නිසා අමෙරිකාවේ දිනකට කොරෝනා රෝගීන් ගණන ලක්ෂයක් ඉක්මවීමේ අවධානමක්

අමෙරිකාව තුල සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසයේ පාලනය කිරිමට දරන ක්‍රමවේදයන් වෙනස් නොකරන්නේ නම් දිනකට වාර්තා විය හැකි රෝගීන් සංඛ්‍යාව ලක්ෂයක් දක්වා ඉහළ යාමේ අවධානමක් ඇති බව එරට බෝවන රෝග පිලිබඳ විශේෂඥ Anthony Fauci ප්‍රකාශ කර සිටිනවා.
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අමෙරිකානු සෙනට් සභාව හමුවේ කරුණු දක්වමින් මෙම වෛද්‍ය විශේෂඥවරයා කියා සිටියේ මේවන විට රට ගමන් කරන්නේ වැරදි දිසාවකට බවයි.
ගෘහස්ථ ප්‍රිය සම්භාෂණ, අවන්හල් වල පවත්වනු ලබන රැස්වීම් සහ එළිමහන් ස්ථාන වලදී තරුණ කණ්ඩායම් එකිනෙකා උරෙන් උර ගැටෙමින් ඒකරාශි වීම් ආදිය නිසා වෛරසයේ ව්‍යාප්තිය සිඝ්‍රයෙන් ඉහළ යාමේ අවධානමක් ඇති බව මෙහිදී බෝවන රෝග පිලිබඳ විශේෂඥ Anthony Fauci සෙනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර සිටියා.
මේ වන විට ඇමෙරිකාවෙන් දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 40,000 ක පමණ අගයක් ගනු ලබනවා.
අමෙරිකාවෙන් මේ වන විට වාර්තා වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව මිලියන 2.7 ක් ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 130,123ක් වනවා.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!