කොවිඩ් 19 වෛරසයේ දරුණුතම තත්ත්වය තවමත් උදාවී නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
වෛරසය පැතිරයාම ආරම්භවී මාස 6 ක් ගතවී තිබුණත් එය අවසන් වීමට ආසන්න වී නැති බවයි එහි ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් ඊයේ සඳහන් කළේ.
තවද ඔහු පවසා සිටියේ පරීක්ෂා කිරීම, හදුනාගැනීම හුදෙකලා කිරීම හා නිරෝධායනය යන පියවරන් තවදුරටත් අනුගමනය කළ යුතු බවයි.
ලෝකයේ මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති සංඛ්‍යාව එක්කෝටි හාර ලක්ෂය ඉක්මවා තිබෙනවා.
කොරෝනා මරණ සංඛ්‍යාව පන් ලක්ෂ 70,000 ක්..
ඔහු වැඩිදුරටත් පැවසුවේ රටවල් රැසක් වෛරසය පාලනය කිරීමේ ප්‍රගතියක් ලබා තිබුණද ගෝලීය වශයෙන් කොරෝනා වසංගතයේ වේගය වැඩිවී ඇති බවයි.
