ඊයේ(28) දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් සිව් දෙනෙක් හදුනාගෙන තිබෙනවා.
ඊයේ හමු වූ අවසන් රෝගියා බංග්ලාදේශයේ සිට පැමිණ වස්කඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටින පුද්ගලයෙක්.
අනෙකුත් ආසාදිතයන් කුවේට් සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි පුද්ගලයෙක් , පාකිස්ථානයේ සිට පැමිණ වයික්කාල් නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටින පුද්ගලයෙක් සහ ඉන්දීයාවේ සිට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථායේ රැඳි සිටින පුද්ගලයෙක්.
මේ වන විට කොරෝනා රෝගීන් 2.037 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.
ආසාදිතයින් 365 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
