ලොව පුරා රටවල් හා ස්වාධීන කලාප 215ක් තුළ පැතිර ගොස් ඇති කොරෝනා වෛරසය ආසාදනය වුවන්ගේ සංඛ්‍යාව අද (22දා) උදැසන අනු ලක්ෂය ඉක්මවා ගියේය .මේ අනුව අද දහවල් 1 වන විට ලොව පුරා රටවලින් වාර්තා තිබු මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අනු ලක්ෂ පනස් තුන්දහස් එකසිය හැත්තෑ හයක් (9,053,176) විය .
මෙම සංඛ්‍යාවෙන් බහුතරය වන ආසාදිතයින් විසි තුන් ලක්ෂ පනස් හයදහස් හත්සිය පහලොවක් (2,356,715) වාර්තා වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙන් වන අතර ලොව දෙවැනි වැඩිම කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව බ්රසීලයෙන්ද (1,086,990) තෙවැනි වැඩිම කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව රුසියාවෙන්ද (584,680) ,සිවුවැනි වැඩිම කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉන්දියාවෙන්ද (426,910) වාර්තා වී තිබේ.
අද දහවල් 1 වන විට ලොව පුරා රටවලින් වාර්තා වී තිබු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව හාරලක්ෂ හැත්තෑදහස් අටසිය හතලිස්හතරක් (470,844) වූ අතර මෙතෙක් සුවපත් වී ඇති මුළු එම ආසාදිතයින්ගේ සංඛ්‍යාව හතලිස් අටලක්ෂ හතලිස් දෙදහස් තුන්සිය දොළහක් වේ (4,842,312).
