ඉන්දියාවේ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (21) වාර්තා කර තිබේ.
මේ අනුව පැය 24 ක කාලයක් තුළදී නව ආසාදිතයන් 15,413 ක් වාර්තා කර තිබේ. මේ අනුව මේ වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 410,461 දක්වා ඉහළ නැග තිබේ. ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය හා රුසියාව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අතින් ඉන්දියාවට ඉදිරියෙන් පසුවෙති. මේ වන විට එරට වැසියන් 13,254 ක් කොරෝනා වසංගතයෙන් මිය ගොස් තිබේ.
කෙසේ වෙතත් කොරෝනා පරීක්ෂා කිරීම් සීමා සහිත බැවින් නිවැරදි මරණ ගණන වාර්තාවීමේ ගැටලූ ඇති නිසා ඉන්දියාවේ කොරෝනා වෛරසයෙන් මිය යන සැබෑ සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි බව පැවසේ.
ඉන්දියාවේ වැඩිම කොරෝනා ව්‍යාප්තියක් ඇත්තේ නව දිල්ලිය, මහාරාෂ්ට්‍ර හා තමිල්නාඩු ප්රාන්තවලය.
කෙසේ වෙතත් කොරෝනා ව්‍යාප්තිය එරට අඩු ආදායම්ලාභීන්ට දරුණු ලෙස බලපෑ අතර එය එරට ආණ්ඩුවේ ජනප්‍රියතාවය කෙරෙහිද බලපෑම් ඇතිකර තිබේ.
