නිකොලස් ජේම්ස් වුජිසිස් හෙවත් නික්, අද වනවිට ලෝ ප්‍රකට දේශකයෙකි. ඔහු දේශන පවත්වන්නේ මිනිසුන්ගේ ශක්තිය අවදි කර, ජීවිතයට මුහුණ දෙන අන්දම කියා දීම සදහා ය. ජීවිතය ජය ගන්නා අන්දම කියා දෙන්නට නික් තරම් හොඳ මිනිසකු තවත් ඇත්දැයි කියා සිතෙන්නේ, නික්ගේ කතාව ඇසූ විටදී ය. නික්, 1982 වසරේ දෙසැම්බර් 4වැනිදා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී උපත ලැබුවේ දෑතත් ,දෙපාත් අහිමිව ය. එය බරපතළ රෝගයක් නිසා ඇති වූ තත්ත්වයකි. එසේ වුවත්, නික්ට ජීවත් වීමට පෙර පිනකින් මෙන් අවස්ථාව ලැබිණි.එහෙත්, තරුණ වියට එළැඹෙන විට නික්ට ජීවිතය එපා වූයේ , ආබාධිත තත්ත්ව නිසා තමන්ට කිසිවක් කරන්නට බැරි බව ඒත්තු යන විටදී ය. එනිසා ම වරක් ඔහු සිය දිවි නසා ගැනීමට පවා උත්සාහ කර තිබේ.
පසු තැවෙමින් සිටි තරුණ නික්ට, ඔහුගේ අම්මා පත්තරයක තිබූ ලිපියක් පෙන්වන්නේ මේ අතර තුරදී ය. අත් පා අහිමිව දැඩි ලෙස අබාධිත තත්ත්වයට පත් මිනිසකු, ජීවත් වන්නට කරන අරගලය ලිපියෙහි සටහන්ව තිබිණි.
ඒ හැකියාව ඔහු උරුම කරගෙන තිබුණේ තමන්ගේම අත්දැකීම්වලිනි. නික්ගේ දේශනවලට සවන් දෙන්නට මිනිස්සු වැල නොකැඩී පැමිණියහ. දක්ෂ දේශකයකු වූ ඔහුට, ලොව විවිධ රටවලින් ආරාධනා ගලා එන්නටත් පටන් ගත්තේය. එතැනින් සාර්ථකත්වයට පත් හෙතෙම, සිය කාරිය විධිමත්ව කරගෙන යන්නට සමාගමක් ද ස්ථාපනය කළේ ය. “Attitude is Altitude” යනු ඒ සමාගම ය. දෑත් දෙපා අහිමි කෙනකු ලෙස උපත ලද නික්, අද සැබෑ ලෙසම ධනවතකු බවට පත්ව ඇත. එයටත් වඩා පුදුමය වන්නේ, අඩි 3යි අඟල් 3ක් උස මේ තරුණයා, 2012 වසරේදී සුරූපි තරුණියකගේ අත ගැනීම ය.
