Gossip

කංජිපානි ඉම්රාන්ගේ පියාට පහරදීමේ සිද්ධියේ තොරතුරු එළියට – මන්න කන්නා සහ බාචාට අත්වුණු ඉරණම මෙන්න

බන්ධනාගාර ගතව සිටින අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ පියාට පහරදීම සම්බන්ධයෙන් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාරිමුත්තා ගනේෂන් රාජා හෙවත් මන්න කන්නා සහ මහේන්ද්‍රන් ප්‍රදීප් හෙවත් බාචා නමින් හදුන්වන මෙම දෙදෙනා ඊයේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙම දෙදෙනා නාට්ටාමිවරුන් ලෙස කටයුතු කරන බවද සඳහන්.
මෙම සිද්ධියට සම්බන්ධව ත්‍රීරෝද රථයක් සහ මන්නා පිහි තුනක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාලිගාවත්ත සද්ධර්ම මාවත අසලදී කංජිපානි ඉම්රාන්ගේ පියා වන 65 හැවිරිදි මොහොමඩ් ඊබ්‍රාහිම්ට තියුණු ආයුධවලින් පහරදීම සිදුකර තිබුණේ ඊයේ රාත්‍රියේදීයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!