ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 11,903ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 354,065කි. එරට විවිධ රෝහල්වල ප්රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ ගණන 155,227ක් වන අතර වයිරසය ආසාදනය වූ සුව වූ ගණන 186,935කි.
ලොව සිවුවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද අසල්වැසි ඉන්දියාවෙනි.
