Gossip

බන්ධනාගාරවල ඉඳන් පාතාල කෙරුමන් සහ ජාවාරම්කරුවන් දාන සෙල්ලම් ඔක්කොම ඉවරයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහ පාතාලයේ තෝතැන්නක් බවට පත්ව තිබෙන බන්ධනාගාරය ප‍්‍රතිසංස්කරණය කිරීමට සුදුසුම කාලය එළැඹ ඇතැයි ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
ආරක්ෂක අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේදී පසුගියදා ජාතික ආරක්ෂාව සහ වෙනත් ආරක්ෂක පියවරයන් ශක්තිමත් කිරීම සඳහා ගෙන ඇති ක‍්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජිතයින් අමතමින් ඔහු පවසා සිටියේ ජනපතිතුමන්ගේ නියෝග මත ඔවුන්ගේ ජාලයන් බිඳ දැමීම සඳහා කඩිනම් පියවර ගැනීමත් සමඟ පාතාල අපරාධකරුවන්ට ශක්තිමත්වීමට ඉඩක් නොමැති බවයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් ජංගම දුරකථන භාවිතා කරමින් බන්ධනාගාර සිරකුටිවල සිට සිදුකරන සියලූ‍ බාහිර ක‍්‍රියාකාරකම් නැවැත්වීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත්, එවැනි නීතිවිරෝධී සන්නිවේදන ජාල සොයා ගැනීම සඳහා මේ වනවිටත් අවශ්‍ය සියලූ‍ තාක්ෂණික පියවරන් ගෙන තිබෙන බවත් කමල් ගුණරත්න මහතා පෙන්වා දුන්නේය.
බන්ධනාගාරවල ක‍්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය හා අපරාධ ජාලයන් නැවැත්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අභිප‍්‍රාය වන බවත්, එම නිසා බන්ධනාගාරය තුළ දැනට සිදුකර තිබෙන වෙනස්කම්වල ප‍්‍රතිඵල ඉතා කෙටි කාලයක් තුළ දැක ගැනීමට හැකිව තිබෙන බවත් ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයකු පත් කිරීමෙන් පසුව සිදුකළ පරීක්ෂා කිරීම්වලදී බන්ධනාගාර තුනකින් ජංගම දුරකථන සහ සිම්කාඞ්පත් විශාල ප‍්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බවත් සඳහන් කළ කමල් ගුණරත්න මහතා බන්ධනාගාර සිර මැදිරිවල සිට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ගනුදෙනු සහ වෙනත් බරපතල අපරාධ සිදුකරන අපරාධකරුවන් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවත් කීවේය.
එසේම මේ වන විටත් බුද්ධි අංශ සහ පොලිසිය, විශේෂයෙන් විශේෂ කාර්යය බලකාය සහ අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ එක්ව එම ක‍්‍රියාකාරකම් මැඩලීමට මේ වන විටත් කටයුතු ආරම්භ කර බවත්, බන්ධනාගාර පද්ධතියේ අඩුපාඩු හඳුනාගෙන පවතින ගැටලූවලට කඩිනමින් විසඳුම් ලබාදීමට ආරක්ෂක අමාත්‍යංශය පාර්ශ්වකරුවකු ලෙස කටයුතු කරන බවත් කමල් ගුණරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!