ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලක් ඇති වීමේ ඉතා ඉහල අවදානමක් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ අනතුරු අඟවනවා.
මේ වනවිට මෙරට බොහෝ පිරිස් , කොරෝනා වසංගතය අමතක කරමින් කටයුතු කරන බවත් එම තත්වය මත රට තුල යලි කොරෝනා රැල්ලක් මතුවීමේ අවදානමක් ඇති බවත් ඔහු මාධ්‍යයට පැවසුවා.
මෙම අනතුරින් මිදීමට නම් , කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පනවා ඇති සෞඛ්‍ය මාර්ග උපදේශන සීමාවන් අනුව ජනතාව අනිවාර්යෙන්ම කටයුතු කළ යුතු බවද ජාසිංහ පැවසීය.
