Gossip

ලෝකයේ වයස්ගතම කි‍්‍රකට් කී‍්‍රඩකයා සමුගනී

ලෝකයේ වයස්ගතම කි‍්‍රකට් කී‍්‍රඩකයා වන ඉන්දියාවේ වසන්ත් රයිජි සිය ජීවිත ගමනට සමුදුන්නේය. එ අනුව ඔහු මිය යන විටදී 100 වැනි වියේ පසුවිය.
1938 සිට 1950 දක්වා කාලයේ පළමු පෙළ තරග 9ක් කී‍්‍රඩා කරමින් අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 277ක් වාර්තා කිරීමට වසන්ත් රයිජි සමත් වී තිබේ. 1944දී රංජි කුසලාන තරගාවලියේදී මහාරාස්ට‍්‍ර කණ්ඩායමට එරෙහිව බැරොඩා කණ්ඩාය නියෝජනය කරමින් අර්ධ ශතක දෙකක් වාර්තා කරමින් කුසලානය දිනා දීමට කටයුතු කළේය.

පසුගිය ජනවාරි මාසයේදී වසන්ත් රයිජි සිය 100 වැනි උපන්දිනය සැමරූ අතර එම අවස්ථාවට ඉන්දීය හිටපු සුපිරි කී‍්‍රඩකයෙකු වන සචින් තෙන්ඩුල්කාර්, සුනිල් ගවස්කාර් සහ ස්ටීව් වෝ සහභාගි වී තිබිණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!