Gossip News

කොල්ලූපිටියේ මහල් නිවසක චීන කතක් හදිසියේ මියගිහින්

කොල්ලූපිටිය, ගේ‍්‍රන් හැබර් ඇවනිව් නිවාස සංකීර්ණයේ හතර වැනි මහලේ නිවසක කාමරයක චීන ජාතික කාන්තාවක හදිසියේම මියයෑම සම්බන්ධයෙන් කොල්ලූපිටිය පොලිසිය පුළුල් පරීක්ෂණයක් අරඹා තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ෂැන් ෂැරෝන් නමැති 51 හැවිරිදි තැනැත්තියකි.

ඇය එම නිවසේ තනිවම සිට ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි.

එම නිවාස සංකීර්ණයේ පදිංචිකරුවකු කළ දැනුම්දීමකට අනුව එහි ගිය පොලිස් නිලධාරීහු මේ සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූහ.

මෙම චීන ජාතික කාන්තාව එම නිවසේ කාමරයක ඇඳක් මත උඩුබැලි අතට මැරී වැටී සිටියදී හමුවූ බව ද පොලිසිය පවසයි.

මියගිය කාන්තාවගේ මළ සිරුර තිබූ ස්ථානයට පැමිණි කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක ඉරේෂා දේශානි සමරවීර මහත්මිය මූලික නිරීක්ෂණ කටයුතු සිදුකළාය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!