Gossip

කළු ජාතිකයා මරපු පොලිස් නිලධාරියාගෙන් බිරිය දික්කසාද වෙයි

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් මිනීමැරුම් චෝදනා එල්ලවී ඇති ‘මිනියා පොලිස්’ (Minnea police) දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරී ඩෙරික් චව්වින්ගේ බිරිඳ ඔහුගෙන් දිකක්සාද වීමට නඩුවක් ගොනුකර ඇත.

ඇයගේ නීතිඥයාට අනුව ස්වාමි පුරුෂයාගේ ක්‍රියාව පිළිබඳව කෙලී චව්වින් (පොලිස් නිලධාරියාගේ බිරිඳ) දැඩිසේ කනස්සල්ලට පත්ව සිටී.

‘‘ෆ්ලොයිඩ් මහතාගේ මරණයෙන් ඇය මහත් සේ කම්පාවට පත්ව සිටින අතර ඔහුගේ පවුලේ ඥාතීන්ට ඇය විසින් ශෝකය ප්‍රකාශ කරයි’’ යනුවෙන් කෙලී චව්වින් වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඇයගේ නීතිඥයා ප්‍රකාශ කර තිබේ.

චව්වින් මහත්මියට වර්තමාන විවාහයෙන් දරුවන් නොමැති අතර මෙම දුෂ්කර කාලය තුළ තම දරුවන්ට (කලින් විවායේ) දෙමව්පියන්ට සහ පවුලේ ඥාතීන්ට ආරක්ෂාව ලබාදෙන ලෙසද ඇය අධිකරණයෙන් ඉල්ලා ඇත.

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් රැකියාවෙන් නෙරපා හරින ලද 44 හැවිරිදි බෙරික් චව්වින් පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සිකුරාදා දිනයේදීම ඝාතන චෝදනා සහිතව ඔහුට එරෙහිව අපරාධ නඩුවක්ද ගොනුකෙරුණු අතර එහිදී අනාවරණය වූයේ මිනිත්තු 08ක් සහ තත්පර 46ක් චව්වින් විසින් ෆ්ලෝයිඩ්ගේ ගෙලෙහි දණහිස තබාගෙන සිටි බවයි.

එහිදී මරණයට අදාළ වීඩියෝව අධිකරණ පරිශ්‍රයේ විකාශය කෙරුණු අතර ‘මට හුස්ම ගන්න බැහැ’ යනුවෙන් ෆ්ලොයිඩ් විසින් කිහිප වරක් ආයාචනා කිරීම විනිසුරුවන්ගේ දැඩි අවධානයට යොමුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රජය විසින් ඉදිරිපත් කර ඇති චෝදනා දෙක යටතේ වසර 25 සහ වසර 10 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමේ හැකියාව අධිකරණයට ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!