කොරෝනා තත්ත්වය නිසා නතර කළ මහී අසේනිට ආදරේ කියයිද? ටෙලි නාට්‍ය එකින් එක දැන් ආයෙමත් කරලියට පැමිණෙනවා. ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍යය දෙවැනි ඉනිම නැවතත් විකාශනය වෙනකොට දෙවැනි ස්ථානය ලබාගෙන තිබූ සංගීතෙට මොකද වෙන්නේ කියලා සමහරු අහනවා. සංගීතේ නාට්‍යයේ පුංචි සුරංගනාවිය ගීත්මා බණ්ඩාරට කතා කළේ මේ ගැන තොරතුරු ටිකක් දැන ගන්නමයි.
කොහොමද ගීත්මා තොරතුරු?
ගෙදරට වෙලා සතුටින් කාලය ගත කරනවා. කාර්යබහුල වෙලා තිබුණ ජීවිතයට හොඳ විරාමයක් ලැබුණා කියලා හිතෙනවා.
ගෙදරට වෙලා මොකද කළේ?
පොත් කියෙව්වා, චිත්‍රපට බැලුවා, ජීවිතේ මගහැරුණ බොහෝ දේවල්වලට ඉඩක් ලැබුණා.
කෑම හැදුවෙ නැද්ද?
කොහොමත් ගෙදර උයන්නේ මමනේ. ඒක හින්දා කෑම හදන එක මට අලුත් දෙයක් නෙවේ.
සංගීතේ ආපහු පටන් ගන්න දවසක් ගැන ආරංචියක් නැද්ද?
මම හිතන්නේ ඉක්මනින්ම පටන් ගන්න අදහසක් තියෙනවා. දෙවැනි ඉනිම පටන් අරගත්තට පස්සේ පටන් ගන්නවා කියලා තමයි කිව්වේ.
රූපගත කිරීම් පටන්ගත්තද?
තාම රූපගත කිරීම් ආරම්භ වුණේ නැහැ. මොකද සංගීතේ මාසයකට විතර කොටස් රූපගත කරලා තිබුණේ. මාර්තු මාසයේ අවසන් වෙනකම් අපි රූපගත කිරීම් කළානේ. රුපගත කරලා තිබුණ කොටස්වලින් මුලින්ම නාට්‍ය පෙන්වන්න පටන් ගනී.
ගිය අවුරුද්දේ නේද උසස් පෙළ විභාගය කළේ?
ඔව්. හොඳින් විභාගය සමත් වෙලා තියෙනවා. විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්කමක් තිබුණත් ලංකාවේ විශ්වවිද්‍යාල ගැන පැහැදීමක් නැහැ. ඒක නිසා වෙනත් පැත්තකට යොමු වෙනවා.
මොනවද කරන්න හිතාගෙන ඉන්නේ?
ඇත්තටම මොනවා කරන්නද කියලා විශේෂ හැඟීමක් තිබුණේ නැහැ. රංගනයට මුල්තැන දෙන්න තමයි අදහස තිබුණේ. නමුත් මේ ඇතිවෙච්ච තත්ත්වය නිසා රංගනය කියන රැකියාව අස්ථාවරයි කියලා හිතෙනවා.
ඒ කියන්නේ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දුන්නද?
මුදල් ටිකක් ඉතිරි කරලා තියාගත්තු නිසා ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත් මාස ගාණක් කිසිම ආදායමක් නැති වෙනකොට ඒක ලොකුවට බලපානවා. මටත් ඒ ප්‍රශ්නේ නැහැයි කියන්න බැහැ.
ඒ කියන්නේ රංගනයෙන් සමුගන්නද කල්පනාව?
නැහැ. කවදාවත් එහෙම හිතලා නැහැ. මම රංගනයට හරිම කැමතියි. හැබැයි රඟපාන ගමන් වෙන දෙයක් කරන්න ඕන. ඒක නිසා තීරණය කළා ලෝ එන්ට්‍රස් කරන්න ඕන කියලා. විවේකීව ඉන්නකොට තමයි මටත් ඔය අදහස පහළ වුණේ. මේ දවස්වල ඊට අදාළ පොත්පත් හොයාගෙන කියවනවා. අනාගතේ කොහොම හරි නීතිඥවරියක් වෙනවා.
රඟපෑමත් එක්ක කාලය වෙන්කර ගන්න පුළුවන්ද?
මුලදී මටත් එහෙම හිතුණා. කාලය නැහැ කියලා හිතුවොත් නැහැම තමයි. කාලය හොයාගන්න අපි දැනගන්න ඕන. දැනට මම ‘සංගීතේ නාට්‍යය’ විතරයි භාර අරගෙන තියෙන්නේ. ඉතින් කාල වෙලාව කළමනාකරණය කරගෙන මගේ ඉලක්කයට යන්න උත්සාහ කරනවා.
රඟපාන නීතිඥවරියෝ ක්ෂේත්‍රයේ ඉන්නවාද?
ඒ ගැන මම දන්නේ නැහැ. නමුත් හරිම අඩුයි. මොකද මේ දෙකම එකම ආකාරයට කරගෙන යන එක ලේසි නැහැ.
අනාගතයේ අනිවාර්යයෙන්ම නීතිඥවරියක් වෙනවද?
ඒක තමා ඉලක්කය. මෙතෙක් මම හිතපු හැම දෙයක්ම කළා. කොරන්ටයින් කාලේ මම ගත්තු හොඳම තීරණය මෙය කියලා මම විශ්වාස කරනවා.
ඇයි මීට කලින් වැරදි තීරණ අරගෙන තියෙනවද?
ගත්තු හැම තීරණයක්ම හරි කියන්න තරම් මම පණ්ඩිත නැහැ. වැරදුණ අවස්ථාත් තියෙනවා. නමුත් ඒ වැරදි නිසා මට ලොකු හානියක් සිද්ධ වුණේ නැහැ. කල්පනා කරලා හැම දෙයක්ම යහපත් පැත්තට හරවන්න මට පුළුවන්කම ලැබුණා.
සංගීතේ නාට්‍යයට එකතු වෙලා කොච්චර කාලයක් වෙනවද?
දැන් අවුරුදු එකහමාරක් විතර ඇති. කොටස් 300කට ආසන්න ප්‍රමාණයක රඟපාලා තියෙනවා.
සංගීතේ කරන කාලේ වෙනත් නාට්‍යවලට ආරාධනා ලැබුණේ නැද්ද?
ආරාධනා ලැබුණට කාලය වෙන්කර ගන්න අමාරුයි. එතකොට මම ඉස්කෝලේ යනවා. උසස් පෙළ විභාගය වෙනුවෙන් පාඩම් කරනවා. කොහොමටත් සංගීතේ ඉවර වෙනකම් මෙගා නාට්‍ය භාරගන්නේ නැහැ. සීමිත කොටස් ප්‍රමාණයක් තියෙන නාට්‍යයක් ආවොත් භාරගන්නවා.
ඔබ වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිනියක්ද?
ඔව්. දැනට මම රංගනය පමණයි කරන්නේ. නමුත් ක්ෂේත්‍රයේ ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. මම හිතනවා දවසින් දවස පරිණත වෙනකොට තවත් බොහෝ දේවල් ජීවිතයට ලැබෙයි කියලා. ලංකාව වගේ රටක වෘත්තීය මට්ටමේ නිළියක් වෙලා ජීවත් වෙන්න අමාරුයි කියලා මට හිතෙනවා.
තාමත් සංගීතේ නිසා ලැබුණ ජනප්‍රියත්වය එලෙසම ඇති කියලා විශ්වාස කරනවාද?
අනිවාර්යයෙන්ම ඔව්. පසුගිය දවස්වල ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවේ පාරට බැස්සාමත් හුඟක් අය ළඟට ඇවිත් අහන්නේ සංගීතේ පටන් ගන්නේ කවද්ද කියලා. තාමත් අසේනිට ඒ වගේම ආදරෙයි.
මහීත් අසේනිට ආදරේ ඇති නේද?
තාම ආදරෙයි කියලා කිව්වෙ නැහැනේ. ඔක්කොම හිතේ හංගගෙන ඉන්නවා. ඉදිරියේදී කියයි.
විවේකීව ඉන්න ලැබුණ කාලේ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම මට නම් සතුටක් තියෙන්නේ මේ වගේ කාලයක් ලැබුණ එක ගැන. අපි රොබෝලා වගේ වෙලා උන්නේ. හිතන්නත් කාලයක් තිබුණේ නැහැ. තමන් කවුද කියලා හිතන්න හැම කෙනෙක්ටම අවස්ථාවක් ලැබුණා.
ඉදිරියටත් මේ සරලකම තියාගන්න පුළුවන්ද?
ඇයි බැරි… අනිවාර්යයෙන්ම මගේ ජීවිතේ ඒ සරල බවට හැරිලා ඉවරයි.
රූපවාහිනී වැඩසටහන්වලට සහභාගි වුණේ නැද්ද?
අවසරපත්‍ර ඇතිව වැඩසටහන් කිහිපයකට සහභාගි වුණා. මේ මොහොතේ මිනිසුන්ගේ සිතට සතුටක් ලබාදෙන්න ලැබීම ලොකු දෙයක්.
අනාගතය ගැන තීරණයක් අරගෙන තියෙනවද?
හොඳ නිර්මාණ සමගින් ප්‍රේක්ෂකයාව මුණගැහෙන එක තමා ප්‍රාර්ථනාව.
