Gossip

දියණියගේ වියෝව දරාගත නොහැකිව මව සියදිවි නසාගනී

මීට මාස තුනකට පමණ ඉහතදී රිය අනතුරකට ලක්වීමෙන් මියගිය තම එකම දරුවාගේ වියෝව සම්බන්ධයෙන් සිත්තැවුලට පත්ව සිටි මවක් පෙරේදා (02) රාත‍්‍රී සිය නිවසේදී වස පානය කර  මියගොස් ඇතැයි තණමල්විල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ තණමල්විල කිතුල්කොටේ අලිවංගුව පතානයාය පදිංචි ලියනගේ සුරංජනී නැමති (37) නමැති කාන්තාවකි.

සැමියා හැරගොස් සිටි ඇය තම එකම දරුවාවූ දියණිය සමග ජීවත් වෙමින් සිටියදී මීට මාස තුනකට පමණ ඉහතදී දියණිය බස්රථයකට යටවීමෙන් මියගොස් තිබිණි.

ඒ සම්බන්ධයෙන් දැඩි සිත් වේදනාවෙන් සිටි ඇය මෙලෙස වස පානයකර මියයන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

මෙම මරණය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය ඊයේ (03 දා) පැවැත්වීමට නියමිතව තිබිණි. තණමල්විල වැඩබලන පොලිස් ස්ථානාධිපති ආර්.එම් නවරත්න මහතා සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!