Gossip

කොරෝනා ආසාදනය වූ මාස පහක බිළිදෙකු දින 32ක් සිහිසුන්කර තබයි

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් බෙහෙවින් අවදානම් තත්ත්වයක පසු වූ පස් මස් වියැති බිළිඳෙක් සුවය ලබා තිබේ. ඩොම් නමැති බ්‍රසීල ජාතික මේ බිළිඳා කොරෝනා වයිරසයෙන් ආසාදිත තත්ත්වයට පත්ව තිබෙන්නේ ඔහු පස් මස් වියෙහි පසු වද්දීය. බිළිඳා බ්‍රසීලයේ රියෝ ද ජෙනයිරෝහි ප්‍රෝ කාර්ඩියාකෝ රෝහලට ඇතුළත් කරන ලදී.

රෝහලට ඇතුළු කරන අවස්ථාව වනවිට ඩොම් බිළිඳා දැඩි ශ්වසන අපහසුතාවයකින් පෙළිණ. ඔහුට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බව සැක හැර තහවුරු කරගත් පසු ඊට අදාළ ප්‍රතිකාර ලබාදීම ආරම්භ කරන ලදී. ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමේදී වෛද්‍යවරු ඔහුව කොමා තත්ත්වයට පැමිණ වූහ. ඒ අනුව දින 32ක්ම සිහිමුර්ජා තත්ත්වයෙන් බිළිඳාව තබා ගන්නට වෛද්‍යවරුන්ට සිදු විය. දින 54කට පසු ඩොම්ට සුවය ලැබී ඇති අතර ඔහුව නිවෙස වෙත රැගෙන යෑමට වෛද්‍යවරුන් අනුමත කර තිබේ. ඩොම්ට සය මස් සපිරෙන්නේ ලබන 14 වැනිදාට ය. කොරෝනා ආසාදනය වීම නිසා බ්‍රසීලයේ බිළිඳුන් 25කට අධික සංඛ්‍යාවක් දැනට මියගොස් ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!