කොවිඞ් 19 ඇඳිරි නීතියට මුවාවී කොච්චිකඬේ පොලිස් බල ප්‍රදේශයේ තානායමක රැඳෙමින් අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කර උපන්දින සාදයක් පැවැත්වූ ජෝඩු තුනක් අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරෝයින් සන්තකයේ තබාගෙන සිටියදී අලූයම තුනට පමණ අත්අඩංගුවට ගැනීමට කොච්චිකඬේ පොලිසියට හැකිවී තිබෙනවා.
මෙම ලැගුම්හල කෝන්ගොඩමුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති එකකි. පොලිසියට ලද තොරතුරකට අනුව එම ස්ථානය වටලා අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් උපන්දින සාදයක් පවත්වමින් සිටි මෙම අනියම් යුවළ තුන අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය විසින් ලැගුම්හල සෝදිසි කිරීමේදී කාන්තාවන් දෙදෙනෙකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 420 පැකට් දෙකක් සොයාගෙන තිබෙනවා.
අනිකුත් කාන්තාව සන්තකයේ හෙරොයින් තිබී ඇත. මෙම කාන්තාවන් තිදෙනාගෙන් දෙදෙනෙක් කටුනායක ප්‍රදේශයේ නේවාසිකව සිටිනා කාන්තාවන් බවද, ඒ අය වෙළෙඳ කලාපයේ රැකියාවල නියුතු අය බවද පැවසේ.
අත්අඩංගුවට පත් මෙම කාන්තාවන් තිදෙනා කටාන කෝන්ගොඩමුල්ල, අනුරාධපුරයේ නෑගම්පහ, මැණික්හින්න, වලල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙන්නේ.
