විදේශ රැකියා සඳහා නැවත මව් රටට ගෙන්වා ගැනිමේදී මිනිස් බෝම්බ ලෙස නොලසකන්නැයි හිටපු රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසයි.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජේ සී අලවතුවල මහතා මේ බව පැවසීය.
විදේශ ගතවු ලාංකියන් පිළිබද සොයා බැලීමේ වගකීම පැහැර නොහරින ලෙසයි ඔහු රජයෙන් ඉල්ලා සිටියේ.
ක්වේට් රාජ්‍ය සිටි බොහෝ ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනිමේදී තානාපති කාර්යාලය වගකීම් විරහිතව කටයුතු කර ඇති බවටයි අලවතුවල මහතා චෝදනා කළේ.
රටට විදේශ විනිමය ලබා දෙන රටවිරුවන් පිළිබද වැඩි අවධානයක් යොමු කර කටයුතු කරන ලෙස ජේ සී අලවතුවල මහතා රජයෙන් ඉල්ලීමක් ද කළා.
