නව තාක්ෂණය යොදා ගනිමින් අධිකරණ ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යාම සඳහා වූ පලමු අදියර ලෙස අළුත්කඩේ මහේස්ත්‍රත් අධිකරණය සහ බන්ධනාගාර සම්බන්ධ කිරීමේ පලමු පරීක්ෂණ නියමු ව්‍යාපෘතිය ඊයේ (20) දින ආරම්භ විය.
මෙය විශේෂිත මෘදුකාංගයකින් සමන්විත වන අතර බන්ධනාගාර රැදවියන් අධිකරණයට රැගෙන ඒම වෙනුවට වැලිකඩ බන්ධනාගාරයේ ස්ථාපිත කල තාක්ෂණික භූමියේ සිට අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
මෙය තවදුරටත් පුළුල් කිරීමේ ඉදිරි පියවර ලෙස මුළු දිවයිනම ආවරණය වන පරිදි එම තාක්ෂණය හදුන්වා දී ස්ථාපිත කිරීමට මේ වන විටත් කටයුතු සැකසෙමින් පවතී.
