Gossip News

ගංවතුර අවධානමට ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට නාවික හමුදාව සීරුවෙන්

මේ දිනවල විටින් විට ඇද හැලෙන වර්ෂාව සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි අවධානම් සහ ස්වාභාවික විපත් සඳහා පෙර සුදානමක් ලෙස හඳුනාගත් ස්ථාන වෙත සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව අද (16) කටයුතු කරන ලදි.

දකුණු පළාතේ තවලම, උඩුගම සහ නාගොඩ ප්‍රදේශයන්හි සහ සබරගමුව පළාතේ රත්නපුර ප්‍රදේශයේ නාවික හමුදා සහන සැළසීමේ ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ හා මුදවා ගැනීමේ කණ්ඩායම් ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත.

ඒ සඳහා නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU) සහ විශේෂ යාත්‍රා බලඝණයේ නාවිකයින්ගෙන් සමන්විත සහන සැළසීමේ කණ්ඩායම් අනුයුක්ත කර ඇත.

පසුගිය දින කිහිපය පුරාම ගංවතුර ආපදාවකදී සිදුවිය හැකි ව්‍යසනකාරී තත්වයන් අවම කර ගැනීම සඳහා පෙර සූදානමක් වශයෙන් නාවික හමුදාව දිවයිනේ විවිධ ප්‍රදේශවල අපද්‍රව්‍ය එකතු වී ජලය බැස යාම අවහිරවී තිබූ පාලම් පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!