Gossip News

වැස්සෙන් ගාල්ලේ නිවාස රැසක් යට වෙයි

අද අලුයම සිට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස රැසක් ජලයෙන් යටවිමත් නිවාස කිහිපයකට අකුණු ගැසිමත්  පහත් බිම් රැසක් ජලයෙන් යටවිමත් නිසා විශාල පිරිසක් පිඩාවට පත්ව ඇත.

ගාල්ල දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානය පැවසුවේ මොරගොඩ ඇල පිටාර ගැලිම නිසා  ගාල්ල කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නිවාස රැසක් ජලයෙන් යටවි ඇති අතර දංගෙදර,පෙට්ටිගලවත්ත,සංගමිත්තපුර,අබ්දුල් වහාබ් මාවත ආදි ප්‍රදේශවල මාර්ග සහ පහත් බිම් රැසක්ද ජලයෙන් යටවි ඇති බවය.

මේ අතර බද්දේගම,ගෝනාපිනුවල, ඉමදුව ,කරන්දෙණිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල නිවාස 17කට අකුණු සැර වැදිමෙන් හානි සිදුව ඇති බවත්  පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.

බද්දේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නිවාස නමයකටද ගෝනාපීනුවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නිවාස තුනකටද ඉමදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නිවාස තුනකටද කරන්දෙණිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නිවාස දෙකකටද අකුණු සැර වැදිමෙන් එම නිවෙස්වල තිබු විදුලි භාණ්ඩ රැසකට හා බිත්ති වලට හානිවි  ඇත.

අකුණු සැර වැදිම නිසා රෝහල් ගත කර ඇත්තේ ඉමදුව නිවසක සිටි දෙදෙනෙකි.

බද්දේගම,වැලිවිටිය දිවිතුර ,යක්කලමුල්ල, ඉමදුව යන ප්‍රදේශවලද  පහත්බිම් ජලයෙන් යටවි ඇති අතර විශේෂයෙන් ගිංගඟ දෙපස පහත්බිම්වල සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම්දි ඇති බවත් හදිසි ගංවතුර තත්වයක් ඇතිවිය හැකි ප්‍රදේශවල පීඩාවට පත්වන ජනතාව බේරා ගැනිමට සහ සහන සැළසිම සඳහා බෝට්ටු   සහ අඟුල්   ස්ථාපිත කර ඇති බවත් ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.

මේ අතර ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා පැවසුවේ පිඩාවට පත්වන ජනතාවට සහන සැළසිම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවය.

ඩී.ජී.සුගතපාල

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!