”කොරෝනා වෛරසය හේතුවෙන් පිටරටවල් වල ප්‍රධාන අගනුවරවල් විනාශ වෙද්දී ලංකාවේ අගනුවර කොරෝනාවලින් බේරාගන්න පුළුවන් වුණේ සෞඛ්‍ය අමාත්‍යාංශය, කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ එකට එකතුවෙලා ඒ පොදු සතුරාට එරෙහිව සටන් කරපු නිසා….”යැයි කොළඹ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිණී දිසානායක මහත්මිය පැවසුවාය.
මෙහිදී තවදුරටත් කතාකළ ඇය මෙසේද කියා සිටියාය.
”පිටරටවල් වල ප්‍රධානම අගනුවරවල් මේ කොරෝනා තත්ත්වය නිසා විනාශ වෙලයි තියෙන්නෙ. නමුත් මෙහේ තත්ත්වය වෙනස්. ඒකට හේතුව ජනාධිපතිතුමාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශය, කොළඹ නගර සභාවේ සෞඛ්‍ය අංශය, වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ගිනි නිවන හමුදාව,කම්කරු සේවකයින් ඇතුළු සියලූ දෙනා එකට එකතුවෙලා සහයෝගයෙන් වැඩකිරීමයි.
”ඒ සඳහා සියලූ දෙනා දිවා රෑ වෙහෙසුණා. රෝගීන් හමුවෙද්දි ඒ අය ළඟින් ඇසුරු කරපු සියලූ දෙනාම නිරෝධායන කඳවුරු වෙත යොමු කරන්න පියවර ගත්තා. සියලූ දෙනාගේම සාමූහික කැපවීම නිසයි කොළඹ තත්ත්වය යහපත් තැනකට ගේන්න පුළුවන් වුණේ. ඒ නිසා මේ සඳහා කැපවූ ඒ වගේම තවමත් කැපවන සියලූ දෙනාටම ගෞරවය පුදකරනවා…”
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
