Gossip News

රුපියල් 5000 ජුනි මාසයටත්

සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත සහිත තැනැත්තන්, වකුගඩු රෝගීන් මෙන්ම ජීවනෝපාය අහිමිවූවන් සඳහා රුපියල් පන්දහසේ දීමනාව ජුනි මාසයේද ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇත.

අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකා ප්‍රධානී බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති පළාත් පාලන නියෝජිතයන්ගේ රැස්වීමකදී මේ බව අනාවරණය විය. අප්‍රේල්, මැයි, ජුනි මාස තුන සඳහාම රුපියල් පන්දහසේ දීමනාව ලබාදෙන බව බැසිල් රාජපක්ෂ මෙහිදී ප්‍රකාශ කර ඇත.

වැඩිහිටි, ආබාධ සහිත තැනැත්තන්, වකුගඩු රෝගීන් සඳහා මැයි මාසයට අදාළ රුපියල් පන්දහසේ දීමනාව ලබාදීම මේ වනවිට ආරම්භ කර ඇත. සෙසු පිරිස සඳහා ලබන 18 වැනිදායින් පසු දීමනාව ලබාදීමට නියමිතය.

අප්‍රේල් මාසයේදී පුද්ගලයන් ලක්ෂ හැත්තෑහතරකට මෙම දීමනාව ලබාදී ඇති බව ජනාධිපති කාර්ය සාධක බළකාය පවසයි.

එම පිරිසෙන් ලක්ෂ හතළිස් අටක් සමෘද්ධි ලාභීන්, ජීවනෝපාය අහිමිවූවන් සහ සමෘද්ධි පොරොත්තු ලේඛනයේ සිටි අය බව රජය සඳහන් කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!