කාලය ඉකුත් වු රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට තවදුරටත් අතිරේක සහන කාලයක් ලබා දීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව හෙට සිට 29 වනදා දක්වා කාලය තුල රථ වාහන දඩ මුදල් ගෙවීමට අවස්ථාව ලබා දී ඇත.
මෙහිදී පසුගිය මාර්තු 01 වන දින හෝ ඊට පසුව නිකුත් කළ දඩ පත්‍රිකා සඳහා අතිරේක දඩ මුදල් රහිත සහන කාලයක් හිමිවේ.
එමෙන්ම පසුගිය පෙබරවාරි 16 දින සිට 29 වනදා දක්වා නිකුත් කර ඇති රථ වාහන දඩ පත්‍රිකා සඳහා දින 28 ක කාලයක් තුල ගෙවීම් සඳහා සම්මත දඩ ගාස්තුවක් සහිතව දඩ පත්‍රිකා භාර ගැනිමට සහන කාලයක් හිමිවනු ඇත.
හෙට සිට දිවයිනේ සියලු තැපැල් කාර්යාල සාමාන්‍ය පරිදි රාජකාරි සදහා විවෘත කෙරෙන බවද තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කළා.