Gossip

මත්පැන් නිවෙස්වලට ගිහින් අළෙවි කරන්න යයි

ජනතාව එක්රැස්වීම අඩු කිරීමටත් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමටත් මත්පැන් නිවාසවලට අලෙවි කිරීම සලකා බලන්නැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය එරට ප්‍රාන්තවලට උපදෙස් දී ඇත.

මත්පැන් අලෙවිසල්වලින් සෘජුව මත්පැන් අලෙවි කිරීම නවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මහජන සුබසාධන නඩුකරයක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව තිබිණි.

එය ප්‍රතික්ෂේප කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මත්පැන් ‘‘නිවාසලට ගොස් අලෙවි කිරීම, වක්‍රාකාරව අලෙවි කිරීම’’ සම්බන්ධයෙන් සලකා බලන්නැයි ප්‍රාන්තවලට උපදෙස් දී ඇත.

අශෝක් බුෂාන්, සන්ජේ කිෂාන් කවුල් සහ බී.ආර්. ගවානී යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු විඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම විභාගයට ගත්හ. ඉන්දියාව මාර්තු මාසයේ සිට රටම වසා දැමීමේ ලොක්ඩවුන් සීමා පනවා ඇති අතර ඒවා අවසන් වන්නේ මැයි 17 වැනිදාය

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!